ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51 ක් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් 2022 වසරේ අවසානය දක්වාම සොයාගත නොහැකිවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම වාහනවල වටිනාකමක් හෝ සොයා ගැනීමට නොහැකිව ඇතැයිද වාර්තාවේ දැක්වේ.
මේ අතර ජනාධිපති කාර්යාලය සතු වාහන 53 ක් වෙනත් රාජ්‍ය ආයතන ,විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිදහස් කර ඇති බවත් මේ වාහන අතුරින් වාහන 27 සඳහා එම කාර්යාලය නඩත්තු වියදම් ලෙස 2022 වසරේදී රුපියල් එක් කෝටි තිස් හත් ලක්ෂයක් වැය කර ඇති බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.
එම වියදම් ප්‍රතිපූරණය කර කරගැනීමට හෝ කටයුතු කර නොතිබූ බව විගණන අංශ සඳහන් කළේය.
ජනාධිපති කාර්යාලය සතු වාහන වෙනත් ආයතනවලට ලබාදී තිබුණද එම වාහන විධිමත් අනුමැතියක් යටතේ විධිමත් ක්‍රමවේදයකට පැවරීම කර නොතිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.


සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
ආපදා මරණ ගණන ඉහළට
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි