Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ධීවර යාත්‍රාව පෙරලී තංගල්ලේ ධීවරයන් දෙදෙනෙක් මුහුද මැද පැය 05ක සටනක

3 years ago

තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය එක්දින ධීවර යාත්‍රාවක් මුහුදු රළකට හසුව පෙරලීයාමෙන් මුහුදට වැටුණු තංගල්ලේ ධීවරයන් දෙදෙනකු පැය පහකට අධික කාලයක් ජීවිතය හා මරණය සමඟ මහ මුහුදේ පොර බදද්දී මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් පිරිසක් විසින් බේරා ගැනීමේ පුවතක් වාර්තා වෙයි.

තංගල්ල ධීවර වරායෙන් ඉකුත් 29 දින පිටත්ව ගොස් ඇති යාත්‍රාව මසුන් අල්ලමින් සිටියදී 30 වැනි දින රාත්‍රී 02 ට පමණ මුහුදු රළට හසුව යාත්‍රාව පෙරලී තිබේ.

ඒ සමගම යාත්‍රාවේ සිටි ධීවරයන් දෙදෙනා මුහුදට වැටී තිබේ. පසුව යාත්‍රාවේ සුන් බුන්වල එල්ලී පැය පහකට අධික කාලයක් ධීවරයන් දෙදෙනා මුහුදු රළ සමඟ පොර බදමින් සිටියදී බහුදින යාත්‍රාවේ ධීවරයින් ඔවුන් දැක ධීවරයින් දෙදෙනා බේරා ගෙන තිබේ.

බහු දින යාත්‍රාවේ සිටි ධීවරයකු මුහුදට පැන මුහුදේ ගිලෙමින් සිටි ධීවරයන් දෙදෙනාට කඔයක් දී ධීවරයන් දෙදෙනා බහු දින යාත්‍රාවට ගෙන තිබේ. ධීවරයන් දෙදෙනා බහු දින යාත්‍රාවේ ධීවරයන් විසින් බේරා ගෙන ඇත්තේ 30 වැනි දින පෙරවරු 07 පමණ බව ධීවරයෝ පවසති.

බේරා ගත් ධීවරයන් දෙදෙනා එදිනම තංගල්ල ධීවර වරායට රැගෙන විත් තිබේ. මහ මුහුද සමඟ පෙරබදමින් ජීවිතය ගලවා ගනු ලැබුවේ තංගල්ලේ පදිංචි ප්‍රදීප් ප්‍රියංක සහ ප්‍රසාද් චමින්ද යන ධීවරයන් දෙදෙනාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *