සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලදාරින් පිරිසක් මගින් කල වැටලීමකදී හුනුවල මැටිහක්වල හන්දිය ආසන්නයේ (ස්ටෝරුව අසල) සුරාබදු පනත උල්ලංඝනය කිරීම නිසා සුරා සැලක් මාස 6කට පමන පෙර සීල්තබා තිබෙනවා.
මෙලස සීල්තබා තිබු සුරාසැල පසුගිය 15 වනදා නැවත පැරණි බලපත්‍රයටම විවෘත කර තිබෙන බවට වාර්තා වෙනවා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීණි මුදිතා ප්‍රියශාන්ති සොයිසා මහත්මියගේ මත්පැන් බලපත්‍රය බවයි සඳහන් වන්නේ.
තවද ගල්හිර හන්දිය හුනුවල ඕපනායක යන ලිපිනයේ පිහිටි හොටෙල් හිල්රෝ නමැති හෝටලයට නව සුරාසැල් බලපත්‍රයක් (ර.බී.07/08) ඉල්ලුම් කර තිබෙන බවට වාර්තා වෙනවා.
එම නව සුරාසැල සම්බන්ධයෙන් විරෝධතාවක් ඇත්නම් ග්‍රාමසේවක හෝ ප්‍රාදේශීය ලේකම් වෙත ලිඛිතව ඉදිරිපත් කරන ලෙස එන්.එම්. මුදිතා ප්‍රියශාන්ති ජිනදාස, ටී.එල්.පී. ද සොයිසා සහ ටී.ටී.එන්. ද සොයිසා යන පුද්ගලයින් විසින් දැන්වීම් ප්‍රසිද්ධ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
මීට විරුද්ධ වූ ප්‍රදේශවාසීන් ඊයේ ප්‍රදේශයේ කලුකොඩි ඔසවා තිබුණු අතර ඊයේ දින (16) ප්‍රදේශයේ හිමිවරුන් දහම්පාසල් ගුරුවරුන් පාසල් දරුවන් මෙන්ම විශාල පිරිසක් බදුල්ල කොලඹ මාර්ගය අවහිර කර විශාල විරෝධතාවක නියලෙමින් තම ගමට නැවත සුරාසැලක් අනවශ්‍ය බව පවසා සිටියා. (news19)

වසර තුනක් තුළ තැඹිලි ගම්මාන 250ක්
“ස්වාමීනි, මගේ සේවාදායකයාගේ දෑස් ජංගම දුරකතනයවත් බැලීමට නොහැකි වන අයුරින් රෝගී වෙලා” – ප්‍රියංකර ජයරත්නට දඬුවම් නියම කිරීමේදී නීතිඥයා අධිකරණයෙන් කළ ඉල්ලීම
චමරි අතපත්තු ICC T20 ශ්‍රේණිගත කිරීම්වල පිම්මක් පනී
විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි