Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිත් පිත් නැති කෲර පියා තුන් හැවිරිදි දරුවා උණුවතුරෙන් පුළුස්සා දමයි

3 years ago

තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ වතුයාය පියෙකු සිය තුන් හැවිරිදි පිරිමි දරුවෙකුගේ ශරීරයට  උණු වතුර දමා දරුණු ලෙස පුළුස්සා බරපතල තුවාල සිදු කොට ඇතැයි ලිඳුල පොලීසිය පවසයි.

මේ පිළිබඳව පැමිණිල්ලක් ඊයේ (25) ලැබී ඇති බවත්, එම සිදුවීමෙන් බරපතල තුවාල ලැබු එම දරුවා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කොට ඇතැයි පොලීසිය කියයි.

පෙරේදා (24) සවස් කාලයේදී කුඩා දරුවා මෙම සිද්ධියට මුහුණ පා ඇති අතර, බීමතින් පැමිණි පියා දරුවාට අමානුෂික ලෙස පහරදී පසුව ශරීරයට උණු වතුර දමා පුළුස්සා ඇතැයි පොලීසිය සිදු කරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිදුවීමට සම්බන්ධ එම දරුවාගේ පියා මේ වනවිට නුවරඑළිය ප්‍රදේශයට පලා ගොස් සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

එම පුද්ගලයා තලවකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම දරුවාගේ පිට ප්‍රදේශයේ විශාල කොටසක් උණු වතුර දැමීම හේතුවෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලබා ඇති බවත්, මුලික ප්‍රතිකාර සිදු කිරීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ වැඩිදුර ප්‍රතිකාර කටයුතු සඳහා නුවරඑළිය මහ රෝහල වෙත මාරු කොට යවීමට පියවර ගන්නා බව රෝහල් බලධාරීන් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අද (26) නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ලිඳුල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *