Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙරණ නඩුවකින් පරදියි! වන්දි ගෙවන්නත් වෙයි!

2 years ago

අමිල.සී. කුමාරසිංහ විසින් ලබාගත් කොළඹ නගරයේ කාලපරාස ඡායාරූපකරණයකින් (Timelapse photography) කොටසක් අවසර නොමැතිව ලබාගෙන විකාශය කිරීම සම්බන්ධයෙන් වන්දි සහ නඩු ගාස්තු ගෙවීමට දෙරණ මාධ්‍ය ජාලයට සිදුව තිබෙනවා.

තමා විසින් පටිගත කරනු ලැබූ කාලපරාස ඡායාරූපයකින් කොටසක් අවසර නොමැතිව භාවිත කිරීම සම්බන්ධයෙන් අමිල කුමාරසිංහ මහතා දෙරණ නාලිකාවට එරෙහිව බුද්ධිමය දේපළ පනත යටතේ අදාළ නඩුව පවරා ඇති බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව මෙම නඩුවෙන් අමිල කුමාරසිංහ මහතා ජය ගෙන තිබූ අතර අදාළ ඡායාරූපය අනවසරයෙන් භාවිතා කිරීමට එරෙහිව නියමිත වන්දි මුදල සහ එහි නඩු ගාස්තු නැවත ගෙවන ලෙස කොළඹ වානිජ මහාධිකරණ (අංක 1) විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා දෙරණ මාධ්‍ය ජාලය වෙත නියෝග කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *