අධි රුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට ලොව ප්‍රථම වතාවට පෙති තුනේම ඖෂධ ගුණය කැටිකොට එක් පෙත්තක් නිපදවීමේ සාර්ථක පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ දී සිදුකර තිබෙනවා.
කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකකය විදේශ විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන කිහිපයක් සමග එක්ව මෙම සාර්ථක නිෂ්පාදනය සිදුකර තිබෙනවා.
අධි රුධිර පීඩනය ලොව බොහෝ දෙනෙකු පෙලෙන රෝගී තත්ත්වයක්. ඒ හේතුවෙන් මොලය අභ්‍යන්තරයේ සිදුවන ලේ ගැලීම සමග ඇති වන ආගාතය පාලනය කිරීමට හැකිවීම නව ඖෂධයේ විශේෂත්වයක්.
සෑම වසරකම ලොව පුරා මිලියන 20ක් නව ආගාත රෝගීන් ලෙස හඳුනා ගැනෙනවා.
ඉන් 10%ක්ම මොලය අභ්‍යන්තර රුධිර වාහනය හේතුවෙනුයි.
ඒ සඳහා ශ්‍රී ලංකාව මුල්කර ගත් මෙම ජාත්‍යන්තර වෛද්‍ය පර්යේෂණය කදිම විසඳුමක් බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.
එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රදානත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්වුණා.
මෙම නව නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව ඇති බවයි මෙහිදී හෙළිවුණේ.

දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි
අද සවස් කාලයේ කාලගුණයේ වෙනසක්
අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි
ෂොන් විලියම්ස් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක්
2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්
පොලිස් නිලධාරීන්ට ලබාදීමට සැරසෙන දීමනාව
ජනපති අනින් මන්නාරම සුළං විදුලිය ව්‍යාපෘති නවතී
ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්වා අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකුට අත් වූ ඉරණම
රේගුවේ ප්‍රමාදයෙන් BYD පාරිභෝගිකයින් කැළඹෙයි