වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මුහුණ දී ඇති ගැටළු විසඳමින් නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට තිරසාර සහ ශක්තිමත් වැඩපිලිවෙළක් වෙනුවේ එළැඹෙන 2026 අයවැය සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ.
එම සංගමය පැවසුවේ රට තුළ පැවැති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ ප්‍රමාණවත් වැටුප් නොලැබීමත්, අහිතකර වෘත්තිය පරිසරයත්, අධික බදු බරත් හේතුවෙන් 2,000කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමි වී ඇති බවත් තවත් 5,000කට අධික පිරිසක්ද රට හැර යාමට සූදානම් වෙමින් පවතින බවත්ය.
තවද ඖෂධ සහ උපකරණ හිඟය, රෝගී සත්කාර සේවා ලබා දීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම, රෝගීන්ට අවශ්‍ය පහසුකම් නොමැතිවීම සහ රෝහල් පද්ධතිය තුළ අනාරක්ෂිත බව වැනි ගැටලු හේතුවෙන් සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීම දැඩි අභියෝගක් බවත් මෙම ප්‍රවණතාවන් අඛණ්ඩව පැවතුණහොත් මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටීම වළක්වා ගත නොහැකි බවත් එම සංගමය පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් වෛද්‍යවරුන් රට තුළ රැඳි සිටීම දිරිමත් කිරීම සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ ගැටලු විඳීමට ප්‍රමුඛතාව ලබා දෙන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව වෙනුවෙන් එකී වැඩපිලිවෙළක මූලික අඩිතාලම දැමීමට හැකි වන පරිදි අට වැදෑරුම් යෝජනාවලියක් එම සංගමය විසින් රජය වෙත ඉදිරිපත් කර තිබේ.
එම යෝජනාවලිය පහතින්,
1. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කිරීම අරමුණු කරගනිමින්, ආර්ථික ස්ථායිතාවය තහවුරු කිරීම හා තෘප්තිමත් වෘත්තීය පරිසරයක් බිහි කිරීම වෙනුවෙන් කාල රාමුවක් සහිත තිරසාර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම.
2. රෝහල් පද්ධතිය තුළ පවතින ඖෂධ සහ උපකරණ හිඟය තිරසාර ලෙස විසඳමින්, ඖෂධ සැපයුම් ක්‍රියාවලියේ ගුණාත්මකබව සහ අඛණ්ඩතාව පවත්වා ගැනීම සඳහා කෙටිකාලීන සහ දීර්ඝකාලීන උපාය මාර්ග සහිත ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීම.
3. රෝහල් පද්ධතිය තුළ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නව ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරීම, අවශ්‍ය නව නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සහ සෞඛ්‍ය ආයතන වලට ආවේණික වූ ක්‍රියාකාරී සැලසුම් ස්ථාපිත කිරීම.
4. සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින සේවා අවශ්‍යතාවයන් සහ අනාගත සේවා පුළුල් කිරීම් විශ්ලේෂණය කර, සෞඛ්‍ය පද්ධතියේ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ප්‍රක්ෂේපණය කිරීම සහ ඊට අනුරූපව අනුමත වෛද්‍යවරුන්ගෙ සංඛ්‍යාව හැකි ඉක්මනින් යාවත්කාලීන කිරීම.
5. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අධ්‍යාපන, පශ්චාත් උපාධි සහ පුහුණු අවස්ථා පුළුල් කිරීම මගින් රෝගි සත්කාරක සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීම.
6. රෝහල් පද්ධතිය තුළ රෝගී සත්කාර සේවාවන් ලබාදීමේදී, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ඒ සඳහා අවශ්‍ය නිල නිවාස, ප්‍රවාහන පහසුකම් ඇතුලු මූලික යටිතල පහසුකම් ප්‍රමිතිගත ලෙස ස්ථාපිත කිරීම තුළ යහපත් වෘත්තිය පරිසරයක් බිහි කිරීම.
7. රෝහල් පද්ධතිය තුළ රෝගීන් සඳහා ලබාදෙන යටිතල පහසුකම් හා සනිපාරක්ෂක පහසුකම් වල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම.
8. ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයකින් යුතුව ක්‍රමවේදයක් සැකසීම සහ ඒ හරහා සෞඛ්‍ය සේවාවන් ජනතාවට වඩා සමීප කිරීම.

ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි
කොත්මලේ ගම්පොළ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වැසේ
ඩොලරය අද සීඝ්රයෙන් ඉහළට
අඩු පීඩන කලාපය තවදුරටත්! කාලගුණයෙන් නිවේදනයක්!
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට අද අධිකරණයෙන් ලැබුණු නියෝගය
බැසිල්ගේ බව කියූ මල්වානේ නිවසට අන්තරේ කඩා පනී
අපරාධ රැසකට අවශ්‍ය කර සිටි දෙදෙනෙක් පොලීසියට කොටුවෙයි
කාලගුණයෙන් රතු නිවේදනයක්
සරසවි වරම් ලැබූ සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතය හැරයයි
ව්‍යවසායකයන්ට ඇප රහිතව ණය ලබාගැනීමට නව අවස්ථාවක්
පොලීසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි
විපක්ෂයේ දක්ෂයන්ට අවස්ථාව දෙනවා – ටිල්වින් සිල්වා