බුලත්විට, පුවක් සහ හුණු භාවිතය නිසා ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් තුනක් මරණයට පත්වෙමින් පවතින බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය හේමන්ත අමරසිංහ මහතා පවසයි.
ඊයේ (4) කොළඹ සෙත්සිරිපාය දී පැවැති දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ වැඩමුළුවකට සහභාගී වෙමින් මහාචාර්ය අමරසිංහ සඳහන් කළේ, බුලත් සහ පුවක් කෑමෙන් මූඛ පිළිකා රෝගීන් නවදෙනෙක් (09) දිනකට වාර්තා වන බවයි.
දිගු කාලයක් තිස්සේ බුලත්, පුවක්, හුණු සහ දුම්කොළ භාවිතය මගින් මුඛ හා උගුර ආශ්‍රිත පිළිකා රෝග ඇතිවීමේ අවදානම වැඩි වන බවත්, එය විශේෂයෙන් තරුණ පිරිස අතරද වේගයෙන් පැතිරෙමින් පවතින බවත් ඔහු අවධාරණය කළා.
මධ්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරිය අනාවරණය කර ඇත්තේ, මේ වසරේ දී පමණක් රටපුරා පිළිකා රෝගීන් හතළිස් දහසක් (40,000) වාර්තා වී ඇති බවය.
එම අධිකාරිය සිදුකළ අධ්‍යයන අනුව, බොහෝවිට පිළිකා ඇතිවීමට ප්‍රධාන හේතු ලෙස බුලත්විට කෑම, දුම්කොළ භාවිතය, මත්පැන් සහ අක්‍රමවත් ආහාර රටාවන් හඳුනාගෙන ඇත.
මහාචාර්ය අමරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමඟ පිළිකා ඇතිවීමේ අවදානමද ඉහළ යමින් ඇති බවත්, බුලත්විට සහ දුම්කොළ භාවිතය අඩු කිරීම රටේ සෞඛ්‍ය තත්ත්වය උසස් කිරීමට අත්‍යවශ්‍ය පියවරක් බවත්ය.

නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි
වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් නිවේදනයක්
තරුණියකට ලිංගික අතවර කළ බවට චෝදනා ලැබූ මාලිමා මන්ත්රී රිමාන්ඩ්
රටම කැළඹූ වස් කවිය ගැන පොලිසියෙන් ප්රකාශයක්
ශ්‍රී ලංකා පිල ලැබූ විශිෂ්ට ජය ගැන සංගක්කාරගෙන් විශේෂ සටහනක්
ගෝඨාභයට එරෙහි පාස්කු විමර්ශන ප්රබල තත්ත්වයක පවතිනවා -නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි
අන්දමන් ආශ්රිතව පීඩන අවපාතයක් වර්ධනය වෙයි! වැසි තත්ත්වය පහව යන දිනය මෙන්න!
මෙටා සමාගමට ඩොලර් බිලියන 25ක දැවැන්ත දඩයක්!
මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි! ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අහස උසට නගී!
අභිනව ගැටඹේ රාජෝපවනාරාමාධිපති ධුරයට රාජකීය පණ්ඩිත පූජ්ය අකුරැස්සේ සිරි ධම්මවිමල හිමියන් පත්වෙති
දැදුරු ඔය ගංවතුර මට්ටමට ළංවෙයි