වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ එවැනි පැමිණිලි විශාල සංඛ්‍යාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති බවය.
වට්ස්ඇප් සමූහ භාවිතා කිරීමේ දී මෙම ජාවාරම් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. ජී. ජයනෙත්සිරි මහතා පවසයි.
“ඒක කරන්නේ සමාජයේ පිළිගත් තනතුරු දරන පුද්ගලයෙකුගේ දුරකථන අංකයක් සොයා ගන්නවා. ඊට පස්සේ එයාගේ දින චර්යාවට ගැලපෙන විදියේ පණිවුඩයක් එනවා අහවල් වෙලාවට මේ මාතෘකාව යටතේ Zoom Meeting එකක් තියෙනවා ලොග් වෙන්න කියලා. ඒ එවන ලින්ක් එකට ඇඩ් වුණාම මීටින් එකට ඇඩ් වෙන එක ස්ථීර කරන්න ඔයාට අංකයක් එයි ඒක අපිට ලබාදෙන්න කියලා පණිවුඩයක් එයි. මේ එන්නේ තව කවුරුහරි කෙනෙක් මේ දුරකථන අංකයට වට්ස්ඇප් ගිණුමක් හදලා, වට්ස්ඇප් ආයතනයෙන් එවන OTP එක තමා මේ ඉල්ලන්නේ. කවුරුහරි ඒක දීපු ගමන් අර පණිවුඩය එවපු තැනැත්තා ඔයාගේ වට්ස්ඇප් ගිණුම ගන්නවා. එතකොට ඔයාගේ සියලු තොරතුරු අර වංචාකාරයා ළඟට යනවා. එයා යවනවා ඔයාගේ ෆෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට මට පොඩි ප්‍රශ්නයක් මට සල්ලි එවන්න කියලා පණිවුඩ යවනවා. ගොඩක් අය විශ්වාස කරලා සල්ලි දානවා. ගොඩක් දවස් ගිහින් තමා ගිණුම ඔබට නැතිවෙලා කියලා දැනෙන්නේ. එතකොට සෑහෙන දෙනෙක් මේ වංචාවට හසුවෙන්න පුළුවන්.”

ගැමුණු විජේරත්නගෙන් CIDයට පැමිණිල්ලක්
ඩෙංගු රෝගීන් 92,000 ඉක්මවයි
වසර 6ක් තුළ රැඳවියන් 1,178ක් බන්ධනාගාරවලින් පැනලා
ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියවූ බංග්ලාදේශ කණ්ඩායම ඔස්ට්‍රේලියාව පරදා ඓතිහාසික ටෙස්ට් ජයක් ලබයි
ගල්කිස්සේදී ඊයේ රෑ පත්තු වූ වෙඩිල්ලේ සම්පූර්ණ කතාව – ඉලක්කය වැරදිලා?
රාජ්‍ය ආයතන කිහිපයක හොරු අල්ලන්න ජනපති කමිටුවක් පත්කරයි
වසර 28ක යුරෝපීය වාර්තාව බිඳ හෙළමින් ජුලියන් වෙබර්ට රන් පදක්කම! රුමේෂ් තරංගගේ ඔලිම්පික් පදක්කම් සිහිනයට අභියෝගයක්!
සති අන්තයේ කාලගුණ නිවේදනය
සාගර කාරියවසම්ගේ ප්‍රකාශයට පොලිස්පතිගෙන් ප්‍රතිචාර
අධිභාරය දීර්ඝ කිරීමත් සමඟ වාහන මිලෙහි සිදුවන වෙනස
ශිරාන් බාසික් හා ත්‍රස්ත සංවිධාන අතර සබඳතා හෙළිවෙයි