Apple සමාගම iPhone 18 Pro දුරකථන පෙළ සඳහා වර්ණ පෙළ නැවත සකස් කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ මෙම නව වර්ණ පෙළ අතරින්, Cosmic Orange වර්ණය ඉවත් කිරීමට ඉඩ ඇති බවයි.
ඒ වෙනුවට නව වර්ණ කිහිපයක් හඳුන්වා දීමට අපේක්ෂා කෙරෙන බව සඳහන්.
iPhone 18 Pro ශ්‍රේණිය සඳහා Apple විසින් කෝපි පාට (Coffee), දම් පාට Purple සහ මෙරූන් පැහැයට හුරු පාට (Burgundy) යන නැවුම් වර්ණ තුනක් එළිදැක්වීමට සූදානම් වන බවට වාර්තා පළවනවා.
මේ බව පවසා ඇත්තේ Weibo හි Instant Digital නමැති ප්‍රකට තොරතුරු සපයන්නෙකු විසින්.
මීට අමතරව, මෙම නව පරම්පරාවේ iPhone 18 Pro මාදිලියේදී සම්ප්‍රදායික කළු (black) වර්ණ විකල්පය ද නැවත වරක් මඟහැරී යාමට ඉඩ ඇති බවට අනුමාන කෙරෙනවා.
මීට පෙර, Apple සමාගම iPhone 17 Pro ශ්‍රේණිය Cosmic Orange වර්ණයෙන් ඉදිරිපත් කරමින් වෙනසක් සිදු කළා.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති