සිය විවාහ දිනය සඳහා මුදල් උපයා ගැනීමට තම මංගල ඇඳුම වෙළඳ දැන්වීම් පුවරුවක් බවට පත්කරගත් පුද්ගලයකු ගැන ප්‍රංශයෙන් වාර්තාවනවා.
ඔහු ප්‍රංශයේ ලිල් නගරයේ ව්‍යාපාරිකයෙකු වන ඩගෝබර්ට්.
පසුගිය ඔක්තෝබර් 25 වන දින පැවති සිය විවාහ උත්සවයේදී, ව්‍යාපාර 26ක දැන්වීම් සිය කබායේ (tuxedo) එම්බ්‍රොයිඩර් කරගෙන විවාහයට ඇඳ තිබූ ඡායාරූප කිහිපයක් බෙදා ගනිමින් ඔහු මෙසේ පවසා තිබෙනවා “අපගේ විවාහ මංගල්‍යයට උදව් කළ ආරම්භක ව්‍යාපාර 26ට ස්තූතියි, එය සුන්දර දවසක්”.
ඩගෝබර්ට් විසින් විවිධ ව්‍යාපාර 26කට තම කබායේ ස්ථාන විකුණා ඇති අතර, ඒ සෑම ආයතනයක්ම ඔවුන්ගේ ලාංඡනය මංගල ඇඳුමේ මුද්‍රණය කිරීම සඳහා ඔහුට ගෙවා ඇතැයි විශ්වාස කෙරෙනවා.
අනුග්රහයන්ගෙන් ලැබුණු ප්රතිලාභ පිළිබඳව විමසූ විට, ඩගෝබර්ට් සඳහන් කළේ, මෙම දැන්වීම් මගින් ඇඳුම සඳහා වැය වූ මුදල් පියවූ බවත්, ඊට අමතරව තවත් ඩොලර් 2,000ක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි.
ඔහු මුළු විකුණුම් ප්‍රමාණය විස්තර කළේ මෙලෙසින්. “ඩොලර් දසදහසකට විකිණුවා, ඉන්පසු ඩොලර් 2500ක් බදු, ඉන්පසු ඇඳුම සඳහා ඩොලර් 5500ක්. ඒ නිසා මූලික වශයෙන් එය ඇඳුම සඳහා ගෙවීම් ආවරණය කළා + ඩොලර් 2000ක් ඉතිරියි”.






ඇමෙරිකානු ගුවන් යානයක් කඩා වැටීමෙන් දරුණු අනතුරක්
දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
උතුරු පොල් ත්‍රිකෝණයේ වගාකරුවන්ට රජයෙන් සහනාධාරයක්
අද හඳ බලන්න අමතක කරන්න එපා! සුවිශේෂී චන්ද්‍රයෙක් දැක ගැනීමට අවස්ථාවක්!
තරුණ බිරිඳව අවසන් ගමන් යැවූ සැමියා දරුවා සමඟ පැමිණ පොලිසියට භාර වෙයි
දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි
අද සවස් කාලයේ කාලගුණයේ වෙනසක්
අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි
ෂොන් විලියම්ස් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක්