ව්‍යාජ හැඳුනුම්පතක් පෙන්වා අල්ලස් කොමිසමේ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් පොලිස් නිලධාරින් නොමඟ යැවීමට කටයුතු කළ බව කියන සැකකාර පුද්ගලයකු මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (4) නියෝග කළා.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චානක අනුරුද්ධ බණ්ඩාර නමැත්තෙකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අල්ලස් කොමිසම විසින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ, මෙම සැකකාර පුද්ගලයා ධාවනය කළ මෝටර් රථයක් පසුගිය දිනක පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලක් අසල දී අනතුරට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේ තමන් අල්ලස් කොමිසමේ නිලධාරියෙකු බවට පවසමින් හැඳුනුම්පතක් ඉදිරිපත් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.
අල්ලස් කොමිසමේ සේවයට අමතරව පෞද්ගලික සහල් නිෂ්පාදන ආයතනයක පරිගණක ක්‍රියාකරුවෙක් වශයෙන් සේවය කරන තමන් පොලොන්නරුව ප්‍රදේශයේ සිදු කරන දූෂණ වංචා සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා පැමිණි බව සැකකාර පුද්ගලයා එම අවස්ථාවේදී එම නිලධාරීන්ට පවසා ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.
එම පුද්ගලයාගේ හැසිරීම් රටාව පිළිබඳ සැක සිතු පොලිස් නිලධාරීන් ඔහු සතුව තිබූ හැඳුනුම්පත පොලිස් භාරයට ගෙන අල්ලස් කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම හැඳුනුම්පත ව්‍යාජ එකක් බවට තහවුරු කර ගැනීමෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්නා.
සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සැකකරු අල්ලසක් ලබා නොතිබීම හේතුවෙන් ඇප ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, ව්‍යාජව අල්ලස් කොමිසමේ නමින් සාදා ඇති
මෙම හැඳුනුම්පත කාගේ යටතේ සාදන ලද හැඳුනුම්පතක්ද එය භාවිතා කර තවත් මෙවැනි ක්‍රියා කර තිබේ ද යන්න ඇතුලු සියලු කරුණු ඇතුලත් පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනුව ඇප ප්‍රතික්ෂේප කරමින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු ඉකුත් 24 පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු අද දක්වා රක්ෂිත බන්ධනාගාගත කර තිබුණා.

දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
දිනකට තුන් දෙනෙකුට ජීවිත අහිමි කරන බුලත්විට මාරයා
ගුරුවරුන් ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි
අද සවස් කාලයේ කාලගුණයේ වෙනසක්
අදට යෙදෙන ඉල් පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
ආදායම් බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක්
ධනපාල උඩවත්ත ප්‍රසංග වේදිකාවට සමුදෙයි
ෂොන් විලියම්ස් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමෙන් නෙරපීමට තීරණයක්
2026 අයවැයට GMOA වෙතින් යෝජනාවලියක්
පොලිස් නිලධාරීන්ට ලබාදීමට සැරසෙන දීමනාව
ජනපති අනින් මන්නාරම සුළං විදුලිය ව්‍යාපෘති නවතී
රේගුවේ ප්‍රමාදයෙන් BYD පාරිභෝගිකයින් කැළඹෙයි