ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.
ඒ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසයෙන් මිය යාමත් සමඟයි.
එසේම මෙම රෝගය වැළදුණු තවත් 60 දෙනෙක් හඳුනාගෙන ඇති බව කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බළධාරීන් පවසනවා.
වෛරස ආසාදිතයන් සමඟ සම්බන්ධ වූවන් හුදකලා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම බලධාරීන් පවසන්නේ.
පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම සහ රෝහල් ගත කරන පුද්ගලයින් බැලීමට යාමෙන් වැළකී සිටීම වැනි පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාවට උපදෙස් දී ඇති බව සඳහන්.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව නීපා වෛරසය දූෂිත ආහාර හරහා සහ ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමෙන් ද සම්ප්‍රේෂණය විය හැකියි.



අපනයන ආදායමේ සීඝ්‍ර වර්ධනයක්
උතුරේ දන්සල් පැවැත්වීමේ තහනමක්? පළ වූ පුවත ගැන ආණ්ඩුකාරවරයාගෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා එක්දින (ODI) සහ විස්සයි විස්ස කණ්ඩායම්වල වෙනසක්
විමල්ගේ බිරිඳගේ නඩුවට අධිකරණය දුන් නියෝගය
බන්ධනාගාරගත රැඳවියන්ට විශේෂ අවස්ථාවක්
විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය