Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිපා වෛරසය හිස ඔසවයි! ඉන්දියාවේ ප්‍රාන්තයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි!

7 months ago 3.1 K

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය තුළ හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.

ඒ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසයෙන් මිය යාමත් සමඟයි.

එසේම මෙම රෝගය වැළදුණු තවත් 60 දෙනෙක් හඳුනාගෙන ඇති බව කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බළධාරීන් පවසනවා.

වෛරස ආසාදිතයන් සමඟ සම්බන්ධ වූවන් හුදකලා කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම බලධාරීන් පවසන්නේ.

පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම සහ රෝහල් ගත කරන පුද්ගලයින් බැලීමට යාමෙන් වැළකී සිටීම වැනි පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාවට උපදෙස් දී ඇති බව සඳහන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව නීපා වෛරසය දූෂිත ආහාර හරහා සහ ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමෙන් ද සම්ප්‍රේෂණය විය හැකියි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *