සති දෙකක් හෝ තුනක් ඇතුළත ඉන්ධන සලාක ක්‍රමයට ලබාදෙන කාඩ්පත හඳුන්වා දෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේය.
ඉන්ධන සැපයීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ උදාහරණයක් ලෙස සතියක් සඳහා ලීටර් 100ක සලාක කාඩ්පතක් හිමිවන අයෙකුට ඉන් ලීටර් 60ක් ලියාපදිංචිවන ඉන්ධනහලෙන් සහ ඉතිරි ලීටර් 40ක් ප්‍රමාණය දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම්හලකින් ලබාගත හැකිවන ලෙස එම ක්‍රමවේදය සකස් කිරීම පිළිබඳව සාකච්ඡා පවත්වන බවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,
“බොහෝ දෙනෙක් අත්‍යාවශ්‍ය සේවා හැටියට අපෙන් ඉල්ලීම් කරනවා. මීට පැයකට ඉස්සෙල්ලා ඉල්ලීම ඉදිරිපත් වුණේ කොළඹ මහ රෝහලෙන්. කොළඹ මහ රෝහලේ වෛද්‍යවරු විශේෂයෙන්ම ශල්‍යකර්ම කරන වෛද්‍යවරු නොමැතිවුණොත් එහෙම කොළඹ ජාතික රෝහලේ තියෙන යම් යම් දේවල් අඩපණ වෙන්න ඉඩ තියෙනවා කියන එක ගැන මට දැනුවත් කරලා තියෙනවා. කොළඹ ජාතික රෝහලට වෙනම තැනක් නෑ ඔවුන්ට අවශ්‍ය ඉන්ධන ලබාගන්න. සමහර පිරවුම්හල්වලින් විවිධ අවශ්‍යතාවන්ට අනුව විවිධ අවස්ථාවල කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඉන්ධන ලබාගෙන තිබුණා. මම යෝජනා කළා ජයවර්ධනපුර රෝහලට එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යංශයට වෙනමම ස්ථානයක් ඔවුන්ට හදාගන්න පුළුවන් නම් ඒකට අපි වෙනම දෙන්න කටයුතු කරනවා කියලා. ඒක හදාගන්නත් කෙටි කාලයක් යනවා.”
“හැම සේවයක්ම අත්‍යාවශ්‍යයි. කාටවත් කියන්න බෑ මේකට වැඩිය මේක අත්‍යාවශ්‍යයි කියලා. වෛද්‍යවරු අත්‍යාවශ්‍යයි, ආරක්ෂක අංශය අත්‍යාවශ්‍යයි. මාධ්‍ය ඔබටත් වගකීමක් තියෙනවා කරන්න. ඒකත් අත්‍යාවශ්‍ය සේවාවක්. මේ වාගේ අපි වෙන්කරන්න ගියොත් පිරවුම්හල්වල වෙන් වෙන් වශයෙන් මම හිතන්නේ අපිට එහෙම ඉතුරුකරන්න කොටසක් නැතිවෙයි. ඒ නිසා ඒක අමාරුයි. ඒ නිසා තමයි අපි යෝජනා කරන්නේ ජුනි මාසයේ පළමු සතියේ ඉඳලා අතහදා බැලීමක් හැටියට යම් සලාක ක්‍රමයක්, ඒ කියන්නේ ඕනෑම පාරිභෝගිකයෙකුට නිශ්චිත ඉන්ධන ලීටර් ප්‍රමාණයක් ඔවුන්ට අනිවාර්යයෙන්ම ලබාදෙන ක්‍රමවේදයක් හදන්න. ඒකෙදී මම දැක්කා වැරදි විදියට අර්ථකථනය කරලා තියෙනවා එක ෂෙඩ් එකක ලියාපදිංචි කරාම කොහොමද පිට තැනකට ගිහිල්ලා ගහන්නේ කොහොමද කියලා . එහෙම එකක් නෙවෙයි අපි බලන්න උත්සාහ කරන්නේ, තමන්ට තියෙන ලඟම ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වෙනවා වගේම තමන්ට සතියක් තුළ ලබාදෙන ඉන්ධන ප්‍රමාණය උදාහරණයක් විදියට ලීටර් 100ක් දෙනවා නම්. ඒකෙන් ලීටර් 60ක් වත් තමන් ලියාපදිංචි වෙන ඉන්ධන පිරවුම්හලෙන් ගන්න පුළුවන්. ඉතුරු ලීටර් 40 වෙනත් ඕනෑම පිරවුම්හලකින් ගන්න පුළුවන් වෙන විදියට . එතකොට අපි අඩුම තරමේ දන්නවා මේ පුද්ගලයාට ලීටර් 100ක්. මම කියන්නේ නෑ ලීටර් 100ක් කියලා සීමාව කියලා. විවිධ ක්ෂේත්‍රවලට වෙනස්වෙයි. ඒකෙදි අපිට ත්‍රීරෝද රථ එක්කෙනාට වෙනස්වෙයි. සමහර වෙලාවට බස් රථයට වෙනස්වෙයි. අපි හිතමු වෛද්‍යවරුන්ට වෙනස් වෙයි. එහෙම විවිධ ක්ෂේත්‍රවලට කඩලා. අපිට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න වෙනවා. දැනටත් ඒ පිළිබඳව සාකච්ඡා යනවා දැනට ඒ ක්‍රමවේදය අපි හදලා නෑ. අපි පොඩි වෙනම කාඩ් එකක් ලබාදෙන ක්‍රමයක් අපි කතාකරගෙන යනවා මේ දවස්වල. අපිට සති දෙක තුනක් යයි මේක හදලා දෙන්න.”

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්