නව අමාත්‍යවරුන් පත් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යංශවලට අයත් විෂයන් හා කාර්යයන් ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයක් මගින් නොවැම්බර් 25 වනදා ප්‍රකාශයට පත් කළේ ය.
එම අතිවිශේෂ ගැසට් පත්‍රයේ එක් එක් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන්, කටයුතු, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ සංස්ථා සඳහන් කර ඇත.
එම ගැසට් පත්‍රයට අනුව වැඩිම ආයතන සංඛ්‍යාවක් ජනාඩිපතිවරයා යටතේ තබාගෙන ඇත. ඔහු සතු අමාත්‍යංශ 3 යටතේ ආයතන 94ක් තබාගෙන ඇති අතර, එය නව රජයේ එක් ඇමැතිවරයෙකු යටතේ ඇති වැඩි ම ආයතන සංඛ්‍යාව යි.
ඉන්පසුව වැඩි ම ආයතන ගණන් හිමිව ඇත්තේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සට වන අතර, ඔහු යටතේ ඇති ආයතන ගණන 41කි.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය යටතට ආයතන 34ක් පත් කර ඇති අතර එහි අමාත්‍ය ධූරය දරන්නේ සුනිල් හඳුන්නෙත්ති මහතායි.
එමෙන්ම වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නට සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන ඇමැතිවරුන්ගේ අමාත්‍යංශ යටතට ආයතන 29 බැගින් ලබා දී තිබේ.
අගමැති හරිනි අමරසූරිය සතු අමාත්‍යංශ සඳහා මෙන් ම ඇමති හිනිඳුම සුනිල්සෙනෙවි සහ හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාට පවරා ඇති ආයතන සංඛ්‍යාව 26කි.
මේ අතර පසුගිය මහ මැතිවරණයේදී වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලැබූ විජිත හේරත් ඇමතිවරයා සතු විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශයට ආයතන 9ක් අයත් වේ.
මෙම ගැසට් නිවේදනයට අනුව අඩු ම ආයතන සංඛ්‍යාවක් අයත්ව ඇත්තේ ආනන්ද විජේපාල අමාත්‍ය ධූරය දරන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයටයි. එම අමාත්‍යංශයට හිමි ආයතන සංඛ්‍යාව 5කි.

සනත් නිශාන්තගේ සොහොයුරාට වසර 5 හමාරක සිර දඬුවමක් නියම වෙයි
හෙට උදෑසන 8.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණයෙන් රතු නිවේදනයක්
රජය මැතිවරණයකට සැරසෙයි
රජයේ සේවකයින්ට දැනුම්දීමක්
LPL තරගාවලිය පැවැත්වෙන දින වකවානු නිවේදනය කරයි! පළමු තරගය යාපනය හා ගාල්ල අතර!
බොරතෙල් මිල යළි ඉහළට
IMF වෙතින් ශ්‍රී ලංකාවට සහතිකය
ධාරානිපාත වැසි ගෙනා අඩු පීඩන කලාපයේ බලපෑම තවදුරටත්! කාලගුණයෙන් නවතම නිවේදනයක්!
ආපදා මරණ ගණන ඉහළට
කපිල මිය ගිය අරවින්දගේ නිවසේ CCTV දත්ත ගබඩා වෙලා නැහැ! නිවසේ මෙහෙකාරියගෙන් තොරතුරු රැසක් හෙළිවෙයි!
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව මුද්දරයක්
ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්යක්ෂවරයාට වසර 6ක සිරදඬුවමක් නියම වෙයි