ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ නොමැති බවත් ඔහු රටින් බැහැරව සිටින බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.
BBC නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ, ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි.
මෙහෙදී BBC මාධ්‍යවේදීයා විසින් මෙහිදී කථානායකවරයාගෙන් විමසා සිටියේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්නයි.
එයට පිළිතුරු දෙමින් කථානායකවරයා සඳහන් කළේ, ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිළි කළ නොහැකි බවයි.
එහිදී මාධ්‍යවේදියා හා කතානායකවරයා අතර ඇතිවූ සංවාදය පහතින්,
මාධ්‍යවේදියා – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොහේද ?
කතානායක – ඔහු මේ මොහොතේ පිටත කොහේහරි.. රටට ආසන්න
මාධ්‍යවේදියා – ඔහු ශ්‍රී ලංකාවෙන් ගියාද ?
කතානායක – ඔව්
මාධ්‍යවේදියා – ඔහු නැවත එන්න අදහස් කරනවද ?
කතානායක – ඔව්, ඔහු නැවත බදාදා ඒවි
මාධ්‍යවේදියා – ඔහු ඉල්ලා අස්වෙනවද ?
කතානායක – ඔහු මට කිවුවා ජුලි 13 ඉල්ලා අස්වෙනවා කියලා
NEXT :

2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)
ඩුබායි රාජ්‍යයේ සිට රැගෙන ආ ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි
ශ්‍රී ලංකා පිල අසීරු අඩියක
“ඒ ඒකාබද්ධ විපක්ෂය මේ ඒකාබද්ධ විපක්ෂය නොවේ..” – ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් නිවේදනයක්
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපති පුටුවට විශ්‍රාමික අද්මිරාල්වරයෙක්
22 ගැන ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනමත විචාරණයක් සහ පූර්ණ විනිසුරු මඬුල්ලක විමසුමක් ඉල්ලයි
පාස්කු නඩුවේ තීන්දුව ලබාදීමට දින නියම වෙයි
2027 වසරේ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරයි