කොට්ටාව බස් නැවතුම්පළ භූමියේ ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාවේ පදිංචි ජයතිස්ස පෙරේරා නමැති (63) හැවිරිදි විදුලි ඉංජිනේරුවරයෙකු බව පොලීසිය කියයි .
මෙම පුද්ගලයා ඉකුත් 12 දා උදෑසන කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පල භූමියේ සංවිධානය කර තිබූ ලිට්රෝ ගෑස් බෙදාදීමේ ස්ථානයකට තම පුතු සමග ගොස් ඇතැයි පැවසේ .
ඒ සදහා විශාල පිරිසක් පැමිණ පෝලිමේ රැඳී සිට ඇති අතර මියගිය පුද්ගලයා ද මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණ ගෑස් සිලින්ඩරයක් මිළදී ගැනීමේ අපේක්ෂාවෙන් එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේදී උදෑසන නවයට පමණ මෙම පුද්ගලයා කිසියම් රෝගී තත්ත්වයකට පත්ව ඇතැයි පැවසේ .
එහිදී රැදී සිටි පිරිස් හා එක්ව අසනීප තත්ත්වයෙන් පසු වූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇති බවත් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවත් පොලිසිය පවසයි .
source – lankadeepa

විමල්ට ඇප
දිට්වා වන්දිවලින් අල්ලස් ගත් ග්‍රාමසේවක යළි රිමාන්ඩ්
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලොකු තෑග්ගක්
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
ගුරු විභාගය සාර්ථකව අවසන්! පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව මෙන්න!
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ පිළිබඳව ජනපති කළ යෝජනාවට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය
වැසි තත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දින වකවානු පිළිබඳව ඉඟියක්
රන් ණය සහ උකස් පහසුකම් සඳහා මහ බැංකුවෙන් සීමා පනවයි
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාහන ණය සහ ලීසිං සඳහා නව සීමාවන් පනවයි
පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය