Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගෑස් පෝලිමේ මරණයක්

2 years ago

කොට්ටාව බස් නැවතුම්පළ භූමියේ ගෑස් පෝලිමක රැඳී සිටි පුද්ගලයකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සදහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව  ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ කොට්ටාවේ පදිංචි ජයතිස්ස පෙරේරා නමැති (63) හැවිරිදි විදුලි ඉංජිනේරුවරයෙකු බව පොලීසිය කියයි .

මෙම පුද්ගලයා ඉකුත් 12 දා උදෑසන කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ප්‍රධාන බස් නැවතුම්පල භූමියේ සංවිධානය කර තිබූ ලිට්රෝ ගෑස් බෙදාදීමේ ස්ථානයකට තම පුතු සමග ගොස් ඇතැයි පැවසේ .

ඒ සදහා විශාල පිරිසක් පැමිණ පෝලිමේ රැඳී සිට ඇති අතර මියගිය පුද්ගලයා ද මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණ ගෑස් සිලින්ඩරයක් මිළදී ගැනීමේ අපේක්ෂාවෙන් එහි රැඳී සිට ඇති අතර එම අවස්ථාවේදී උදෑසන නවයට පමණ මෙම පුද්ගලයා කිසියම් රෝගී තත්ත්වයකට පත්ව ඇතැයි පැවසේ .

එහිදී රැදී සිටි පිරිස් හා එක්ව අසනීප තත්ත්වයෙන් පසු වූ මෙම පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන ඇති බවත් පසුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බවත් පොලිසිය පවසයි .

source – lankadeepa

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *