එළඹෙන ජූලි මස 25 වැනි දින දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කරන බව
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව ජූලි මස 19 වන දිනැති නිවේදනය ප්‍රකාරව පලාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ආදි නිලධාරින්ට ලබා දී ඇති උපදෙස් පරිදි පාසල් පරිපාලනය සිදු කළ යුතුයි.
එමෙන්ම පාසල් පැවැත්වෙන්නේ සතියේ දින තුනක් වන අතර, ඒ සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දින තුනේදියි.
සෙසු දින දෙකෙහි නිවාසගත අධ්‍යයනයට දරුවන් යොමුකළ යුතු වනවා.
මේ අතර, පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා අද (23) සවස 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි