පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේදී මතු වූ අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු සළකා බලා අනුකමිටු පත්කිරීමට ගත් තීරණය අනුව අනුකමිටු හයක් පත්කිරීමට කටයුතු කළ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ, පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාව අමතමිනි.
“අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටලූ සාකච්ඡා කර නිරාකරණය කිරීම සඳහා අනුකමිටු හයක් පත් කිරීමට තීරණය කළා, ඒ අනුව අනුකමිටු හයක් පත්කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණාත්මකතාවය පිළිබඳ අනුකමිටුව, අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනුකමිටුව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකමිටුව, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව සහ නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව පත්කර තිබෙනවා.
අපි හිතනවා මේ අනුකමිටු හරහා අපේ මන්ත්‍රීවරුන්ට පුළුවන් වෙනවා ඔවුන්ගේ යෝජනා අදහස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්න. විශේෂයෙන් ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල පද්ධතියට ප්‍රවේශය ලබා ගැනීමේදී මුහුණපාන ගැටලු සහ ගුරු පුරප්පාඩු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. උපදේශන කාරක සභාවේදී හැම දිස්ත්‍රික්කයම මුහුණපාන ගැටලු ගණනාවක් මන්ත්‍රීවරුන් මතු කළා. ඒවාට අපි සුදුසු පියවර ගැනීම පිළිබඳ සාකච්ඡා කළා. හරිම වැදගත් මේ උපදේශක කාරක සභාව මෙහෙම රැස්වීම. ඒ හරහා මන්ත්‍රීවරුන්ට නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්.”

විශ්වවිද්‍යාල ආචාර්යවරු හෙට විරෝධතාවයක
බලංගොඩින් අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලයෙන් සොයාගනී
දෙහිබාලේගේ බාල සහෝදරයා ඩුබායි හිදී අත්අඩංගුවට
වියළි කාලගුණයෙන් සිදුවූ වගා හානි ගැන හෙළිදරව්වක්
පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයෙක් පත් කෙරේ
හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට වසර 7ක බරපතල වැඩ සහිත සිර දඬුවම්
22ට එරෙහි පෙත්සම් විභාගයට ඉල්ලූ පුර්ණ විනිසුරු මඬුල්ල ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID නව අධ්යක්ෂවරයෙක්!
රන් මිල පහළට
22ට එරෙහි පෙත්සම් විභාග කරන අධිකරණ ශාලාව මාරු වෙයි