Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අධ්‍යාපන පද්ධතියේ ගැටලු විසඳීමට අනුකමිටු හයක්

1 year ago

පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවේදී මතු වූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සළකා බලා අනුකමිටු පත්කිරීමට ගත් තීරණය අනුව අනුකමිටු හයක් පත්කිරීමට කටයුතු කළ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ, පසුගියදා (03) පාර්ලිමේන්තුවේදී රැස් වූ පාර්ලිමේන්තු උපදේශන කාරක සභාව අමතමිනි.

“අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලූ සාකච්ඡා කර නිරාකරණය කිරීම සඳහා අනුකමිටු හයක් පත් කිරීමට තීරණය කළා, ඒ අනුව අනුකමිටු හයක් පත්කර තිබෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව, පාසල්වල පවතින මානව හා භෞතික සම්පත් ගුණාත්මකතාවය පිළිබඳ අනුකමිටුව, අතරමැදි ශ්‍රේණි සඳහා පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ අනුකමිටුව, අධ්‍යාපන සභාව පිහිටුවීම පිළිබඳ අනුකමිටුව, උසස් අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව සහ නිපුණතා අධ්‍යාපන අංශය පිළිබඳ අනුකමිටුව පත්කර තිබෙනවා.

අපි හිතනවා මේ අනුකමිටු හරහා අපේ මන්ත්‍රීවරුන්ට පුළුවන් වෙනවා ඔවුන්ගේ යෝජනා අදහස් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කරන්න. විශේෂයෙන් ආබාධිත සහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල පද්ධතියට ප්‍රවේශය ලබා ගැනීමේදී මුහුණපාන ගැටලු සහ ගුරු පුරප්පාඩු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. උපදේශන කාරක සභාවේදී හැම දිස්ත්‍රික්කයම මුහුණපාන ගැටලු ගණනාවක් මන්ත්‍රීවරුන් මතු කළා. ඒවාට අපි සුදුසු පියවර ගැනීම පිළිබඳ සාකච්ඡා කළා. හරිම වැදගත් මේ උපදේශක කාරක සභාව මෙහෙම රැස්වීම. ඒ හරහා මන්ත්‍රීවරුන්ට නිලධාරීන් සමඟ සාකච්ඡා කරලා ඔවුන් නියෝජනය කරන දිස්ත්‍රික්කවල ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගන්න මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක්.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *