මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග සෙනසුරාදා (3) ආරම්භ වනවා.
මේ වන විට A කාණ්ඩයෙන් ඉන්දියාව ද, B කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය ද සුපිරි 4 වටය සදහා සුදුසුකම් ලබා අවසන්.
අද(2) දිනයේ දී මූලික වටයේ අවසන් තරගය පාකිස්තානය හා හොං කොං කණ්ඩායම් අතර පැවැත්වෙන අතර, එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම ද සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නවා.
එම තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30ට සාජා හී දී ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 4 වටය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ හෙට(3) දිනයේ දී යි. ඒ, ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට එරෙහිවයි.
එම තරගය සාජා හී දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
සුපිරි 4 වටයේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි තරගය පාකිස්තානයට හෝ හොං කොං කණ්ඩායමට එරෙහිව (අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිව) එළඹෙන 7 වැනිදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.
ඊට පසු දින එනම් එළඹෙන 8 වැනිදා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන්නේ එළඹෙන 11 වැනිදායි.
source – hitwicket


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!
දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි