තම සහෝදරයාගේ හදිසි වියෝවට කම්පාවට පත් ඔහුගේ බාල සොයුරිය ද ලය පැලී මිය යාමේ පුවතක් කළුතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය අසේල සුරංග සිල්වා නමැති 42 හැවිරිදි දෙදරු පියකු පපුවේ අමාරුවකින් පෙරේදා මියගොස් ඇති අතර , පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදුකිරීමට සූදානම් වන අවස්ථාවේ දේහය අසල වැලපෙමින් සිටී ඔහුගේ බාල සොයුරිය වන අගම්පොඩි රංගී දුලංජනී සිල්වා නමැති 31 හැවිරිදි අයද දේහය අසල ඇදවැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි.
ඔවුන්ගේ වියෝවෙන් පසු අසේල සුරංග ගේ දියණිය පුතා, මස්සිනා සහ නැන්දා කම්පනය හේතුවෙන් කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශයකයෙක් ප්‍රකාශයකයෙක් පැවසීය .
කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාන්ත ද සිල්වා මහතා ගේ මූලිකත්වයෙන් සැරයන් එස්.ඒ.ආර්.කේ. ද සිල්වා (55318) මූලික පරීක්ෂණ සිදුකරති.
source – lankadeepa

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්