ජනාධිපතිවරණ ප්‍රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට රාජ්‍ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවේ සාක්කි විභාගය ලබන 26 වැනිදා සිට ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියම කළේය.
තමන්ට එරෙහිව නඟා ඇති සියළු චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණණය හමුවේ පැවසු අවස්ථාවේදී නඩුවේ සාක්කි විභාගය ආරම්භ කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.
මාධ්‍ය සාකච්ඡාවේදී එම අසත්‍ය කරුණු පැවසීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ඒ අනුව බොරු සාක්කි සැදීම, මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම කරුණු ප්‍රසිද්ධ කරවීම, ගේඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික චරිතයට හානි සිදුවන ආකාරයේ ප්‍රකාශ කරවීමට කටයුතු යෙදීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව නඟා ඇත.
මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්තියෙන් පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවයක් මීට පෙර අවස්ථාවක ප්රතික්ෂෙප කළ විනිසුරුවරයා නඩුව විභාග කිරීමට තීරණය කෙරිණා.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්