Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්

41 minutes ago

මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියත් සමඟ, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විදේශීය ආයතනයක් වෙත සිදුකළ තවත් මුදල් ගෙවීමක් අදාළ පාර්ශ්ව වෙත ලැබී නොමැති බව රජය අනාවරණය කරයි.

ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ, තැපැල් දෙපාර්තමේන්තුව විසින් ‘US Post’ ආයතනය වෙත යොමු කළ අමෙරිකානු ඩොලර් 600,000ක (ඩොලර් ලක්ෂ 6ක) මුදලක් මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

අදාළ මුදල ශ්‍රී ලංකාවෙන් බැහැර වී තිබුණද, එය ලබාගත යුතු පාර්ශ්වය වෙත ලැබී නොමැති බව තහවුරු වී තිබේ.

මෙම අතුරුදන් වීම හුදෙක් තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූවක් ද එසේත් නැතහොත් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන ලද සයිබර් මූල්‍ය වංචාවක් ද යන්න පිළිබඳව රජයේ දැඩි සැකය යොමු වී ඇත.

මහා භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීම සහ මෙම සිද්ධිය අතර කිසියම් සබඳතාවක් පවතින්නේ ද යන්න පිළිබඳව ද විමර්ශන කණ්ඩායම් අවධානය යොමු කර තිබේ.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ,

“ආයතනවල සිදුවන එවැනි අක්‍රමිකතාවයන් හෝ දෝෂයන් සම්බන්ධව ආයතන මට්ටමින් කටයුතු කරගෙන යනවා. මුදල් අමාත්‍යාංශයත් එම කටයුත්තට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. ඔය නිලධාරීන් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් කිරීමට පෙරාතුවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හැටියට පැමිණිලි කරලා යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ඒවා සියල්ලම කැබිනට් මණ්ඩල තුළ සාකච්ඡා වෙන්නේ නෑ. ඕනේ නම් මම තව එකක් කියන්නම් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව හැටියට US පෝස්ට් එකට ගෙවපු ඩොලර් ලක්ෂ 6ක් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒවා ආයතන මට්ටමින් සිදුකරගත යුතු දේවල්. ඒක කෙසේද සිදුවුණේ කියලා පරීක්ෂණයක් කරගෙන යනවා මේකෙදි වෙලා තිබෙන්නේ US පෝස්ට් වෙත ගෙවීමට තිබූ ඩොලර් හයලක්ෂ විසිපන්දහසක් නොලැබීම සම්බන්ධයෙන් US Post එක පැත්තෙන් කරුණු දැක්වීමක් කරලා තිබෙනවා. එය සිදුවුණු ආකාරය සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව පැත්තෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් විමර්ශනයක් දියත් කරමින් පවතින්නේ. අවස්ථා දෙකකදි සිදුවෙලා තිබෙනවා ඒ ගැන තමයි දැන් විමර්ශන පැවැත්වෙන්නේ”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *