අභාවප්‍රාප්ත දෙවන එළිසබෙත් මහරැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා කිලෝමීටර
10ක පමණ දිගු පෝලිමක් පවතිනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ලන්ඩනයේ ටවර් බ්‍රිජ් සිට දේහය තැන්පත් කර ඇති බි්රතාන්ය පාර්ලිමේන්තුව හෙවත් වෙස්මිනිස්ටර් ශාලාව කරා මෙම දිගු පෝලිම් පවතින බවයි.
ජනතාවට රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැය 30ක පමණ කාලයක් එලෙස පෝලිමේ රැදී සිටීමට සිදුවනු ඇති බව සදහන්.
ඇතැම් පිරිස් ඒ අවට කඳවුරු බැඳ රැය පහන් කළ ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සහ
මිතුරන්ට පෝලිමේ නොසිට දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව සළසා දී ඇති අතර
මන්ත්‍රීවරයෙකුට එම අවස්ථාවට සහභාගි වීම සදහා හතර දෙනෙකු රැගෙන යා හැකි බවයි
විදෙස් වාර්තා සදහන් කළේ.
එමෙන්ම පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සදහාද පෝලිමේ රැදී සිටීමකින් තොරව දේහයට අවසන්
ගෞරව දැක්වීමට යා හැකියි.
වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කළ රැජිණගේ දේහයට අවසන් ගෞරව දැක්විම සඳහා හැරී
කුමරු සහ මේගන් මාකල් කුමරිය මෙන්ම ඇන්ඩෲ ආදිපාදවරයාද එක්ව සිටියා.
මේ අතර වෙස්මිනිස්ටර් ශාලාවේ තැන්පත් කර ඇති රැජිණගේ දේහයේ සිව් කොන ආරක්ෂාවට
යොදවා සිටියදී රාජකීය හමුදාවේ නිලධාරියෙකු සිහසුන්ව ඇද වැටෙන ආකාරය විදෙස් මාධ්‍ය
වාර්තා කර තිබුණා.
රැජිණගේ අවමංගල්‍යෝත්සවය වෙස්මිනිස්ටර් ඇබේහිදී ලබන 19 වනදා පැවැත්වීමට නියමිත
අතර එම අවස්ථාවට රුසියාවට, මියන්මාරයට, බෙලරුසියාවට සහ උතුරු කොරියාවට ආරාධනා කර නොමැති බවයි විදෙස් වාර්තා කියා සිටියේ.
ඒ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත්, මියන්මාරයේ පවතින හමුදා පාලනයත්,
බෙලරුසියාව රුසියානු හමුදාවට සහය පළකිරීම සහ උතුරු කොරියාවේ න්‍යෂ්ඨික අත්හදා
බැලීම් යන කරුණු සැළකිල්ලට ගනිමින්.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ද, රාජකීය අවමංගල්‍යයට සහභාගි වීමට නියමිත අතර ඔහුට
ඇති ජීවිත තර්ජන සැළකිල්ලට ගෙන සිය පෞද්ගලික අධි ආරක්ෂිත නිල රථයෙන් පැමිණීමට
අවස්ථාව සලසා දී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
source – hiru news

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි