ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවට අදාළ උපකරණ සඳහා ශ්‍රී ලංකාවේ නිල බෙදාහරින්නා ලෙස සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී පත් කර ඇති බව වාර්තා වේ.
සිංගර් නිල ෆේස්බුක් පිටුවෙහි මේ පිළිබඳව ඉඟි පළ කරමින් සටහනක් පළ වී ඇති අතර, ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
සිංගර් යනු, කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පාලක කොටස් හිමිකාරීත්වය දරන හේලීස් සමූහයට අයත් ලැයිස්තුගත සමාගමකි.
ස්ටාර්ලින්ක් පෘථිවියට ආසන්න කක්ෂයක ස්ථානගත කර ඇති චන්ද්‍රිකා දහස් ගණනකින් සමන්විත අධිවේගී අන්තර්ජාල පද්ධතියකි.
මෙම තාක්ෂණය සාම්ප්‍රදායික ෆයිබර් ඔප්ටික් කේබල්වලට වඩා වේගයෙන් දත්ත හුවමාරු කිරීමේ හැකියාවෙන් යුක්ත වේ.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි