Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරලැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් ත්‍රිරෝද රථය හමුවෙයි

10 months ago

බොරලැස්ගමුව මාලනී බුලත්සිංහල මාවතේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය පිළියන්දල, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ එම ත්‍රිරෝද රථය තුළ තිබී කළු පැහැති ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට්ටුවක් ද සොයා ගත් බවයි.

බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩාංගනයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස වෙත පැමිණෙමින් සිටි අයෙකු ඉලක්කකර ඊයේ රාත්‍රී 12.30ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *