2026 වර්ෂයේ උදාවන පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුර පූජා භූමිය සහ ඒ අවට ප්‍රදේශවල අධ්‍යාත්මික පරිසරය සුරැකීම සඳහා විශේෂ සුරාබදු නියෝගයක් පනවා තිබේ. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 04 ක පිහිටි සියලුම මත්පැන්හල් ජුනි මස 26 වැනිදා සිට ජූලි මස 02 වැනිදා දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා නිල වශයෙන් දැනුම් දෙයි.
සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ මත්පැන් අලෙවිය වැළැක්වීමේ නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු ආකාරයයි. ඒ අනුව, අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල සියලුම මත්පැන් බලපත්‍රලත් ස්ථාන 2026.06.25 වන දින මත්පැන්හල් සාමාන්‍ය පරිදි වසනු ලබන වේලාවේ සිට, නැවත පොසොන් සතිය අවසාන වී 2026.07.03 වන දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු වේ.
මෙම නියෝගය පැහැර හරිමින් නියමිත දිනවලදී සිය සුරාබදු බලපත්‍රලත් ස්ථාන වැසීමට කටයුතු නොකරන හෝ සූක්ෂම ලෙස මත්පැන් අලෙවි කරමින් බලපත්‍ර කොන්දේසි කඩකරන ස්ථාන වැටලීම සඳහා දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත දැඩි උපදෙස් නිකුත් කර ඇත.
පොසොන් සතිය තුළ අනුරාධපුර පූජා නගරය අවට කිසියම් ස්ථානයක නීතිවිරෝධී ලෙස මත්පැන් අලෙවි කරන්නේ නම්, ඒ පිළිබඳ වහාම තොරතුරු සැපයීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි. ඒ සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියේ 1913 කෙටි දුරකථන අංකය අමතා තොරතුරු ලබා දිය හැකිය.

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්