එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් දන්සැල් සහ තොරණ සංවිධානය කිරීමේදී ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීම අනිවාර්ය කලයුතු බව මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.
“මහජනයාට ප්‍රදර්ශනයක් සිදුකරන දෙයක් කරනවා නම්, ස්ථානාධිපති සම්බන්ධීකරණයෙන් අවශ්‍ය මාර්ගෝපදේශ සපයන්න කියලා තියෙනවා. කොහොමද වාහන පාර්ක් කරන්නේ යන ආදි වශයෙන්. අපි කියන්නේ නෑ දන්සල් දෙන්න එපා කියලා. ඒක විදිමත් කරන්න. මේ පොසොන් එකට අනිවාර්යයෙන්ම ස්ථානාධිපතිවරු මැදිහත්වෙලා, විදිමත්ව දන්සල් සංවිධානය කරන්න.”
මේ අතර මාර්ගයේ සිදුවන අනතුරු පිළිබඳ පොලීසිය දැනුවත් නොකරන රියදුරන්ට එරෙහිව නීතිමට ක්‍රියාමාර්ග ගැනීම සඳහා පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා සඳහන් කළේය.
“අපේ තියෙන සංඛ්‍යා ලේඛන අනුව තියෙන අනතුරු ප්‍රමාණයට වඩා වැඩි අනතුරු ප්‍රමාණයක් වාර්තා වෙනවා. සමහර අවස්ථාවලදී අවධානයක් නොමැතිව ගිහින්, අනතුර වුණාට පස්සේ ඒක මහා මාර්ගයේම සමතයකට පත්කරනවා. පොලිස්පතිවරයා උපදෙස් දීලා තියෙනවා අනිවාර්යයෙන්ම හැම අනතුරක්ම වාර්තා කරලා, රිය අනතුරු ලේඛන ගත කරන්න. පැය 24ක් තුළ අනතුරක් වාර්තා නොකළොත් ඒක වරදක්. ඒක වාර්තා කිරීම රියදුරුගේ වගකීමක්. එහෙම නැතු වුණොත් අනතුර වාර්තා නොකිරීම කියන වැරැද්දටත් යටත් වෙනවා.”
වසරේ මේ දක්වා වූ කාළය තුළ විෂ මත්ද්‍රව්‍ය භාවිත කළ රියදුරන් 7,500කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී.ජේ. සේනාධීර මහතා පැවසුවේය.
“ගිය වසරට සාපේක්ෂව මේ වෙද්දි මාරක රිය අනතුරු 98ක වැඩිවීමක් තියෙනවා සහ මියගිය සංඛ්‍යාව 104ක වැඩිවීමක් තියෙනවා. නමුත් සතිපතා බලද්දි ඒ අනතුරු අඩුවීගෙන යනවා. අපි මේ ගැන විශේෂ මෙහෙයුම් දියත් කරලා තියෙනවා.”

වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි
රජය අඩියක් පස්සට ගැනීමට තීරණය කරයි
අමෙරිකාවෙන් ලබා දුන් හෙලිකොප්ටර් 10 නිල වශයෙන් භාර ගැනේ
ඉදිරි ඡන්දවලදී ඇඟිල්ල පාට කිරීම නවතී?
ෆවුසිට එරෙහි පෙත්සමක විභාගය අවසන්
බදු ගෙවන්නන්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල රුපියල් බිලියන 550ක්