Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට

18 minutes ago

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ දමාගොස් තිබූ 34 හැවිරිදි භෞත චිකිත්සකවරියකගේ මළ සිරුර සොයාගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ඇයගේ පෙම්වතා, ඔහුගේ විවාහක බිරිඳ සහ කුඩා දරුවෙකු යාපනය, චාවකච්චේරිය ප්‍රදේශයේදී අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ සහ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඒකාබද්ධව දියත් කළ විශේෂ මෙහෙයුමකදී ඊයේ (23) රාත්‍රියේ වැල්ලවත්තේ සිට යාපනය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පරික්ෂා කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වලාන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සාර්ථක වැටලීම සිදු කෙරුණි.

පොලිසිය පවසන පරිදි, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ඉංජිනේරුවෙකු වන ප්‍රධාන සැකකරු මුව ආවරණයක් පැලඳ සිට ඇති අතර, ඔහුගේ බිරිඳ හඳුනාගත නොහැකි වන සේ මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස්වළාගෙන සිට ඇත. පසුගිය දින කිහිපය තුළ මීගමුව සහ හලාවත ප්‍රදේශවල සැඟවී සිට ඇති මොවුන්, මුහුදු මාර්ගයෙන් හොර රහසේ විදේශගත වීමට උත්සාහ දරා ඇති බව ද අනාවරණය වී තිබේ.

ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ වව්නියාවේ සිට කුරුණෑගලට ගොස් එහි සිටින තම අනෙක් දරුවන් දෙදෙනා ද බලා පසුව පොලිසියට භාරවීමට සැලසුම් කර තිබූ බවයි.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *