මීට දින කිහිපයකට ඉහතදී ව්‍යාජ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් ජනප්‍රිය රැප් ගායන ශිල්පී මාධව ප්‍රසාද් නොහොත් ‘මදුවා’ නැමැත්තා පුපුරණ ද්‍රව්‍යය තොගයක් සමඟ නැවතත් අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරු සමග ජෙලග්නයිට් කූරු 3ක්, ඩෙටනේටර් 5ක් හා ඇමෝනියා නයිට්රේට් කිලෝ 3යි ග්‍රෑම් 500ක් පොලිස් භාරගත් බව කහතුඩුව පොලීසිය පවසයි.
මෙම සැකකාර රැප් ගායකයා ඉකුත් අගෝස්තු මස 25 වෙනි දින ව්‍යාජ පිස්තෝලයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර තිබිණි.
සැකකාර රැප් ගායකයා පදිංචි පිටිපන, ගලහේන ප්‍රදේශයේ නිවසක් පිටුපස පුපුරණ ද්‍රව්‍ය තොගයක් වළදමා ඇති බවට කහතුඩුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක රජිත ගුරුසිංහ මහතාට ලද රහසිගත තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිවූ බව පොලීසිය කියයි.
සැකකරුගෙන් ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මීට මාස කිහිපයකට ඉහතදී කොටවිල පොලිසියේ ගිනිඅවියක් සොරා ගැනීම සම්බන්ධයෙන් මන්නාරම විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයා තවත් රැප් ගායකයෙකු සමග පැමිණ තමන්ට මෙම පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සඳහා ලබා දුන් බවට සැකකරු විසින් අනාවරණය කළ බව පොලීසිය පැවසීය.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 26 හැවිරිදි තරුණයෙකි.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්