කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය මේ වනවිට ඉන්දියාවේ ගුවහාති හිදි පැවැත්වෙයි.
එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 47 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 269ක් රැස්කළේය.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ තීරණය වුයේ පළමුව පන්දු රැකීමටය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට පැමිණි ඉන්දිය කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 8ක් ලබාසිටි ස්මෘති මන්දනාව දවාගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණි.
කෙසේ වෙතත් ඉන්දීය ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 47කට සීමාකෙරුණි.
හාර්ලීන් ඩියෝල් ලකුණු 48කට සහ නායිකා හර්මන්ප්‍රීත් කෞර්ගේ ඉනිම ලකුණු 21කට සීමාකරන්නට ඉනෝකා රණවීර සමත් වුණි.
ඉන්දීය බනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරතවූ අමන්ජොත් කෞර් ලකුණු 57ක් රැස්කළ අතර දීප්ති ෂර්මා නොදැවී ලකුණු 53 රැස්කිරීමට සමත්විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ 39 හැවිරිදි ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුලු 4ක් දවාගත්තාය.
ඒ අනුව ජාත්‍යන්තර එක්දින කාන්තා ක්‍රිකට් පිටියේ කඩුලු 04ක් දවාගත් දෙවන වයස්ගතම ක්‍රීඩිකාව බවට ඇය පත්විය
තරගය ජයගැනීම සඳහා ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය 271කි.

අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!
මෙවර වෙනස්ම ආකාරයේ දන්සැල් රැසක්! පවත්වන ස්ථාන හා වේලාවන් මෙන්න!
යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ
පින්බර වෙසක් පුන් පොහෝ දිනය අදයි
මෙනින්ජයිටීස් රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සියලුම පාසල් වෙත මාර්ගෝපදේශ නිකුත් කෙරේ
සර්වජන බලයෙන් ජනපතිට ප්‍රශ්න 3ක්
කොළඹ උද්ධමනයේ වැඩිවීමක්
මඩකළපුවේ දරුවන් දෙදෙනා මියගිය සිද්ධියේ සැකකාර පියා රිමාන්ඩ්
මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
බස් රථයක් පෙරළෙයි! 26ක් රෝහලට!