අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමිට එරෙහිව එල්ල වී ඇති චෝදනා සලකා බලා, උන්වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව තීරණය කර තිබෙනවා.
මල්වතු මහා විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි ලේඛකාධිකාරී පූජ්‍ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව අද (30) නිකුත් කළ විශේෂ මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වනවා.
මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් වර්තමානයේ එල්ල වී ඇති චෝදනා පිළිබඳව මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාවේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව අදාළ පාර්ශවයන් ද කැඳවා මේ පිළිබඳව කරුණු විභාග කිරීමක් සිදු කර තිබුණූ බව එම නිවේදනයෙහි සඳහන්.
අද (30) දින රැස් වූ මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාවේදී, පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහි චෝදනා පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙන තෙක්, සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව උන්වහන්සේගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය මෙලෙස අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුවේ සාමාජිකයෙකු මෙන්ම උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ධුරය දරන, පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක වහන්සේව, අටමස්ථානාධිපති ධුරයේ කටයුතු තාවකාලිකව ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බව ද මෙම නිල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක්
FIFA ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය අද ඇරඹෙයි
අද රාත්‍රිය භයානකයි! ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!
කොදෙව්වන්ට එරෙහි පළමු T20 තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
සලේගේ පෙත්සම සලකා බැලීම කල් යයි
ගිනිබත් වූ ‘සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි නිවාසයේ ලොකු අයියාට ඇප
ඥානසාර හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
පොලිස් නිලධාරීන්ට හිමි දිමනාවක් අතපසුවීමකින් දෙවරක් බැංකු ගතවෙයි
ශ්‍රී ලංකා රුපියල සෙලවෙයි
මහත් ආන්දෝලනයක් ඇති කළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන රජයෙන් ප්‍රකාශයක්
වසර දෙකක සිර දඬුවමට එරෙහිව විමල් වීරවංශගේ බිරිඳ ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්ෂේප කෙරේ
ලබන 15 වනදා සිට දින 7ක විශේෂ වැඩසටහනක්