Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දකුණු පළාතට මත්ද්‍රව්‍ය බෙදූ 07ක් අත්අඩංගුවට

8 months ago

දකුණු පළාතේ ප්‍රදේශ රැසකට හෑෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරී සැකකරුවන් 07 දෙනෙකු මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.

හබරාදූව හා බද්දේගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ බව සඳහන්.

ධීවර රැකියාවේ නිරතවන මුවාවෙන් ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම රුවන්ගේ ගෝලයෙකු වන මිදිගම රනා ඇතුළු හත් දෙනෙක්ය.

මිදිගම රනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මුහුදේ පාවෙමින් තිබියදී හමුව ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය තමන් ගොඩබිමට ගෙනැවිත් අලෙවිකළ බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා විසින් සිදු කරනු ලබයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *