දකුණු පළාතේ ප්‍රදේශ රැසකට හෑෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරී සැකකරුවන් 07 දෙනෙකු මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය විසින් අද (5) අත්අඩංගුවට ගනු ලැබීය.
හබරාදූව හා බද්දේගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මෙහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ බව සඳහන්.
ධීවර රැකියාවේ නිරතවන මුවාවෙන් ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම රුවන්ගේ ගෝලයෙකු වන මිදිගම රනා ඇතුළු හත් දෙනෙක්ය.
මිදිගම රනා නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත.
මුහුදේ පාවෙමින් තිබියදී හමුව ඇති මෙම මත්ද්‍රව්‍ය තොගය තමන් ගොඩබිමට ගෙනැවිත් අලෙවිකළ බව සැකකරුවන් පොලීසියට පවසා තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි උදය කුමාර මහතා විසින් සිදු කරනු ලබයි.

ඡන්ද නාමලේඛනය ගැන දැනුම්දීමක්
ඩොලරයේ විකුණුම් මිල තවදුරටත් ඉහළට
කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
විමල්ගේ නඩුවක් කල්යයි
අන්තරේ මල්වානෙන් ඉවතට! අගමැතිනිය එකඟ වෙයි!
විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට