හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකුගෙන් සිදුකරගත් අනාවරණයකට අනුව හෙරොයින් කිලෝ 6කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත.
අදාළ හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ කැස්බෑව පොලිස් වසමේ සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක තිබියදීය.
ඊයේ (06) රාත්‍රියේ අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට පාලම අසලදීය.
එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40ක් සොයාගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 19 හැවිරිදි වියේ පසුවන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලද තොරතුරකට අනුව තංගල්ල පොලිස් කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කැස්බෑව සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස ගැන තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් අදාළ නිවස වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ නිවසේ සිටි සැකකරුවන් පලාගොස් ඇති බව පවසයි.
කෙසේ වෙතත් එහිදී නිවසේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 06යි ග්‍රෑම් 176ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල පතොරම් 19ක් සොයාගැනීමට සමත්ව තිබේ.
මේ අතර එම ස්ථානයේ තිබී සීල් යන්ත්‍රයක්, හෙරොයින් පැකට් කිරීම සඳහා යොදාගනු ලබන උපකරණ හා ද්‍රව්‍ය, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, වෙනත් ලිපි ලේඛන සහ වාහනයක යතුරක් ද තංගල්ල අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සොයාගැනීමට සමත්ව තිබේ.
සැකකරුවන් විසින් මෙම ජාවාරම සිද්ධමුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස කුලියට ගෙන පවත්වාගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවළදී අනාවරණය වී තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
මේ අතර අම්බලන්තොට ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 40ත් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු අද (07) අම්බලන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
තංගල්ල කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, අම්බලන්තොට සහ කැස්බෑව පොලිස් ස්ථාන මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
-adaderana-

විස්සයි20 සටනේ ජය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට
ඩො.මි. 2.5 සිද්ධියේ වැඩ තහනමට ලක්වූ සහකාර අධ්යක්ෂවරයා අබිරහස් ලෙස මරුට
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තනය කිරීමේ කමිටුවේ සභාපති ලෙස පත්වීම ගැන ඉරාන්ගෙන් විශේෂ ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති සහ ආරක්ෂක ලේකම්වරයා අතර විශේෂ හමුවක්
හිටපු නියෝජ්‍ය ඇමති සරණට එරෙහි නඩු හතරක තීන්දු ප්‍රකාශය කල් යයි
ඩොලර් මිලියන 2.5 ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුමගේ තීරණය වෙනස් වෙයි
බොරතෙල් බැරලයක මිල වාර්තාගත ලෙස ඉහළ යයි
අස්ථානගත වූ ඩොලර් මිලියන 2.5 ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
සනත් ජයසූරියගේ වසර 18ක් පැරණි IPL වාර්තාවක් බිඳවැටෙයි
වෛද්‍යවරියන් නාන දසුන් රූගත කළ 19න් පහළ ජාතික ක්‍රිකට් ක්රීඩකයමේ ක්‍රීඩකයින්ට වැඩ වරදියි
පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ඉල්ලා අස්වෙන්න! සජබයෙන් එරාන් වික්‍රමරත්නට දැනුම්දීමක්!