අධිකරණ අමාත්‍යවරයාගෙන් වහාම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ඉල්ලා සිටිනවා.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ (24) අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අතරතුර අදහස් දක්වමින්.
ඉදිරි 2029 වසරේදී වෙනත් ආණ්ඩුවක් බලයට පත්වුවහොත් අමාත්‍යවරයාට වසර 20 සිට 25 දක්වා දීර්ඝ සිරදඬුවමකට මුහුණ දීමට සිදුවනු ඇති බවටද මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,
“මම පාර්ලිමෙන්තුවේ උදේ 9 ඉදන් ඉන්නවා.මේ දැන් වරෙන්තුවක් නිකුත් කරලා තියෙනවා. කරුණාකරලා ඇමති ඉල්ලා අස් වෙලා යන්න. මම කියනවා දැන්මම මෙයාව ඉවත් කරලා, නඩුවක් දාලා, ඇරෙස්ට් කරලා හිරේ දාලා, බොරුවට චෝදනාවක් දාලා, නඩුව ඉවර කරන්න කියලා. නැත්තම් 2029 දී අවුරුදු 25කට මම මෙයාව ඇතුලට දානවා. තව අණ්ඩුවක් ආවොත් 2029 දී මෙයාව අවුරුදු 20-25කට හිරේ දානව.

ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ අපවත් වෙති