මෙරට වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය (Social Media) භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මේ වනවිටත් අදාළ පාර්ශ්වකරුවන් සමඟ මූලික සාකච්ඡා ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ, සමාජ මාධ්‍ය භාවිතය හරහා දරුවන්ගේ සාමාජීය, මානසික සහ සෞඛ්‍ය තත්ත්වයන් කෙරෙහි ඇති වන බලපෑම් පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි. ඊට අමතරව දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව (Digital Security) සහ මේ සම්බන්ධයෙන් ලෝකයේ සිදුවන නව ප්‍රවණතා පිළිබඳව ද රජයේ දැඩි අවධානය යොමුව තිබේ.
වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම තහනම් කිරීම සම්බන්ධයෙන් වන ජාතික මාර්ගෝපදේශ මාලාවක් කෙටුම්පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය. මීට සමගාමීව, දරුවන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම අරමුණු කරගත් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
මේ අතර, ජංගම දුරකථන භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින වයස අවුරුදු 18ට අඩු දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ වැඩසටහනක් ද මේ වනවිටත් දියත් කර තිබේ. එම වැඩසටහන හරහා දැනටමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බව ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිය අදහස් දැක්වීමේදී වැඩිදුරටත් අවධාරණය කර සිටියාය.

සමන්තුරේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමට අඛණ්ඩ ප්රතිකාර
අල්ලස් නඩු 5න් 4කට චාමරට ඇප! ඇප නැතිවූ නඩුවට චාමර ඇතුළට!
සාමාන්ය පෙළ සෞන්දර්ය විෂයන්හි ප්රායෝගික පරීක්ෂණ දින ප්රකාශයට පත් කෙරේ
ජනපති අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයා බලයි
නාමල් රාජපක්ෂගේ නඩු විභාගය අතරතුර ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසූ දේ
සබරගමුව විශ්වවිද්යාලයේ නව කුලපති ලෙස අග්ගමහා පණ්ඩිත ජ්යෙෂ්ඨ මහාචාර්ය පූජ්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් පත් කෙරේ
සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අධිකරණයට
රක්ෂිත බන්ධනාගාරයේ සිටින නාමල්ට හිටපු ජනපති මහින්දගෙන් විශේෂ ලිපියක්
ශිරන්ති රාජපක්ෂගේ පළමු හදවත් සැත්කම ගැන ඇසෙන කතාව
රජයේ ආයතන 34ක් වසාදැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි
නාමල් රාජපක්ෂ යළිත් රිමාන්ඩ්
තිස්සකුට්ටි අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි