මැලේසියානු අන්තර්ජාතික සිනමා උළෙලේදී (Malaysian International Film Festival) හොඳම නළුවාට හිමි සම්මානය (Best Actor) දිනාගැනීමට මෙරට ප්‍රවීන රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සමත්ව තිබේ.
ඒ ඔහු රංගනයෙන් දායක වූ “රිවර්ස්ටන්” (Riverston) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගන ප්‍රතිභාව වෙනුවෙනි.
ලොව පුරා විවිධ රටවල දක්ෂ රංගන ශිල්පීන් රැසක් අතරින් මහේන්ද්‍ර පෙරේරා මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය හිමිකර ගැනීම විශේෂත්වයකි. මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටි සසු නළුවන්:
- යුරායි ලෝයි (Broken Voices චිත්‍රපටය)
- චන්ග් චෙන් (Lucky Lu චිත්‍රපටය)
- රන්දික ගුණතිලක (Riverston චිත්‍රපටය)
- නිකලාස් සරාතේ (The Red Hanger චිත්‍රපටය)
මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සිනමා උළෙලකදී මෙලෙස හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ දෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උළෙලේදී ද (Singapore International Film Festival) හොඳම රංගනයට හිමි සම්මානයෙන් ඔහු පිදුම් ලබා තිබුණි.
මේ අතර, ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයටම රංගනයෙන් දායක වූ ප්‍රියන්ත සිරිකුමාර මහතා මෙවර මැලේසියානු සිනමා උළෙලේදී හොඳම සහාය නළුවාට (Best Supporting Actor) හිමි සම්මානය දිනාගැනීම ශ්‍රී ලාංකේය සිනමාවට අත්කර දුන් තවත් අභිමානවත් ජයග්‍රහණයකි.

“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්
රාජ්‍ය සේවකයින්ට පඩි ගෙවන්නේ ජනතාව නෙවෙයි – ලාල් කාන්ත
Google වෙතින් විප්ලවීය වෙනසක්! Passwords අමතක වුණත් භය වෙන්න ඕන නෑ!
ජනපති මන්දිර ගැන පැතිර යන පුවත අසත්‍යයි! ජනාධිපති මාධ්‍ය අංශය කියයි!
රු.මිලියන 110ක කොකේන් තොගයක් සමඟ 79 හැවිරිදි ඉංජිනේරුවරයෙක් කටුනායකදී කොටුවෙයි
බෙල්ලන්විල වෙඩි තැබීමක්! අයෙක් රෝහලට!