ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina) නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට වාර්තා පළ වීමත් සමඟ, ඇගේ හිතවාදියෙකු වන වත්මන් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් (Mohammed Shahabuddin) ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
2024 වසරේදී පැවැති දැවැන්ත ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනය කරමින් පුද්ගලයන් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තරායකර අපරාධ අධිකරණය (International Crimes Tribunal) විසින් හසීනාට ප්‍රජා අයිතිවාසිකම් අහිමි කරමින් මරණ දඬුවම නියම කර තිබේ.
එම අධිකරණ නඩුවලට මුහුණ දීම සඳහා තමා නැවත බංග්ලාදේශයට පැමිණෙන බව හසීනා රොයිටර් (Reuters) පුවත් සේවයට ප්‍රකාශ කර තිබූ අතර, එම ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය කරළියට පැමිණ ඇත.
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා දැනට තායිලන්තය වෙත ගොස් සිටින පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් (Hafiz Uddin Ahmad) මහතා පෙරළා බංග්ලාදේශයට පැමිණි වහාම, ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමට නියමිත බව වාර්තා වේ.

තෙවන පාසල් වාරයේ ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්
කතානායකවරයාගෙන් මන්ත්‍රීවරුන්ට විශේෂ උපදෙසක්
ශ්‍රී ලංකා රුපියලට සුළු අස්වැසිල්ලක්
පිල්ලයාන් නැවතත් රිමාන්ඩ්
මන්ත්‍රී අර්ච්චුනාට වරෙන්තු
අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට
වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමක්! ඉලක්කය වැරදී වෙනත් අයෙක් මරුට?
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බදු
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කරයි
එල් -නිනෝ ගැන ප්‍රබල අනතුරු ඇඟවීමක්
අති විශේෂ අරක්කු බෝතලයක මිල ඉහළට
දෙමටගොඩ වෙඩි තැබීමක්