හදිසි ණය මුදලක් ලබා ගැනීමට හැකියාව තිබෙන බව සදහන් කරමින් නිකුත් කරන පණිවිඩ මේ වනවිට සමාජ ජාලවල විශාල වශයෙන් ප්‍රචාරය වේ.
එහි ඇතැම් ආයතන රුපියල් 5,000 සිට රුපියල් 150,000 දක්වා හදිසි ණය මුදල් ලබා දීමට සූදානම් බවත් ඒ සඳහා ලියකියවිලි සහ ඇපකරුවන් අවශ්‍ය නැති බව එම පණිවිඩ වල සඳහන් වේ.
මෙම වංචනික ආයතන හරහා ණය ලබා ගැනීමට ලියකියවිලි අවශ්‍ය නොවන නමුත් එම ආයතන විසින් එවන “Link” එක Click කර තොරතුරු ඇතුලත් කිරීමට ණය අයදුම්කරුවා වෙත දැනුම් දෙන අතර එම Link එක Click කළ වහාම එම පුද්ගලයින් වංචනිකයන්ට ගොවුරු වී අවසන්ය.
ලින්ක් එක හරහා ඔවුන් එවන්නේ Remote Administrative Tool හෙවත් RAT එකක් වන අතර එය ජංගම දුරකථනයට ඇතුල් වූ වහාම එහි පාලනය ඔවුන් අතට ගනී. අනතුරුව තම දුරකතනයේ තිබෙන ඡායාරූප, ලේබන, තොරතුරු හා දුරකථන අංක ඇතුළු සියලූ තොරතුරු වලට ප්‍රවිෂ්ට වීමට ඔවුන්ට හැකියාව ලැබේ.
තවද “apk” යෙදවුමක් ඇතුල් වුවහොත් තත්ත්වය ඊට වඩා බරපතළ විය හැකි බවත් ණය මුදල ලබාදීමෙන් පසුව එම වංචනිකයන් තව තවත් ණය ලබා ගැනීමට උනන්දු කරවන අතර එලෙස ආපසු ගෙවා ගත නොහැකි වු පසුව වංචනිකයන්ට ගොදුරු වී අවසන්.
අනතුරුව ගෙවිය යුතු පොලිය මෙන්ම ඉටුකළ යුතු කොන්දේසි දැඩි වන අතර මෙම කොන්දේසි ඉටු නොකරන ණයකරුවන්ට නොයෙකුත් අකටයුතුකම් වලට ලක් වීමට සිදුවන අතර පහසුවෙන් ණය ගන්නට ගොස් අවසානයේ අතේ තියෙන මුදල ඔවුනට අහිමි වේ.
එනිසා හදිසි ණය මුදල් ලබාගැනීමට කටයුතු නොකරන ලෙසත් එම පණිවිඩ මගින් ලබාදෙන Link ඩවුන්ලෝඩ් කරන්න නොගන්නා ලෙසත් යම් අයෙකු හෝ ආයතනයක් විසින් තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගෙන ඇති බවට හැගුණොත් “101” අමතා ඒ පිළිබඳව දැනුවත් කරන ලෙස පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය රටේ මහජනතාවට දැනුම් දෙයි.

අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්
සමාජ මාධ්‍යය කැලඹූ අම්බලන්ගොඩ සිද්ධියට අදාළ උප පොලිස් පරීක්ෂකවරයාට ස්ථාන මාරුවක්
මිලාද් උන් නබි උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්
මහජන බැංකුවට නව සභාපතිවරයෙක්
අද කාලගුණ නිවේදනය
ඉන්ධන නිකුත් කරන QR ක්‍රමය අහෝසි වෙන්නේ කවදාද ?
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි