හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (27) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, ඌව පළාතේ සහ මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් පවතිනු ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැකිය. අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇත.
මෙම තත්ත්වය යටතේ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල විවේක ගන්නා ලෙසත්, කුඩා දරුවන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් ලබා දී තිබේ.

සියලුම රාජ්‍ය ආයතනවල අද සිට ඇරඹෙන විශේෂ සතිය
මහා සඟ සමුළුව අද කොළඹදී
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට
ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
ශ්‍රී ලංකාවට පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කමක් අහිමි වෙයි
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි