විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂයේ සියලු පක්ෂ නායකයෝ කොළඹ විපක්ෂ නායක කාර්යාලයට හෙට (23) රැස්වෙති.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම විශේෂ රැස්වීම කැඳවා තිබේ.
රජයේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් රටේ අධිකරණයේ යහපැවැත්ම බරපතල අභියෝගයට ලක්ව ඇතැයි ද අධිකරණ ක්ෂේත්‍රය මුහුණපා ඇති මෙම අර්බුදය සඳහා විසඳුම් ලබාදෙන ලෙස ආණ්ඩුවට බලකිරීමේ පියවරක් ලෙස මෙම රැස්වීම කැඳවන බව විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහත්වරුන් ප්‍රමුඛ විපක්ෂයේ සියලු පක්ෂ නායකයන් සහ නියෝජිතයන් මෙම හමුවට සහභාගී වීමට නියමිතව තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක වූ පසු
කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයට රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැමිණෙන්නේ ප්‍රථම වතාවටය.

අපවත්වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිගේ දේහය වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරයට
ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළට
රියදුරන්ට දැනුම්දීමක්
මුදල් කොල්ලකන අලුත්ම ජාවාරම! ඔබටත් මෙවැනි දුරකථන ඇමතුමක් ලැබුණොත් ප්‍රවේශමෙන්!
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරගේ බිරිඳ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වෙයි
එල්ටීටීඊ පුහුණු කඳවුරක් ගැන අසත්‍ය තොරතුරු පැතිරූ පුද්ගලයා අත්අඩංගුවට
අද කාලගුණය
උණ්ඩියල් මුදල් ගනුදෙනු කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් දැලට කොටුවෙයි
බැසිල් රාජපක්ෂගේ ඇප මුදල් රාජසන්තක කිරීමට නියෝගයක්
අගෝස්තුවේ අස්වැසුම අද බැංකුවට
හිටපු ජනපති රනිල් දැල්වූ රතු එළිය
කුලී යතුරුපැදිකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට