ස්කොට්ලන්තයේ පැවැත්වෙන 26 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාවට බර ඉසිලීමේ ඉසව්වෙන් පදක්කමක් දිනා ගැනීමට තිබූ අවස්ථාවක් අද (26) ගිලිහී ගියේය.
මෙහිදී කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු සුපුන් සෝමතිලක, පදක්කමක් වෙනුවෙන් දැඩි උත්සාහයක නිරත වුවද, ඔහුට සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදුවිය.
සුපුන් සෝමතිලක විසින් මෙම තරගයේදී එසවූ මුළු බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 244 කි. කෙසේ වුවත්, ඔහුට වඩා කිලෝග්‍රෑම් 16ක් වැඩියෙන්, එනම් මුළු බර කිලෝග්‍රෑම් 260ක් එසවීමට සමත් වූ කෙන්යානු ක්‍රීඩකයා තරගයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.
මේ අතර නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මුළු බර කිලෝග්‍රෑම් 273ක් එසවූ මැලේසියානු ක්‍රීඩකයා මෙම ඉසව්වේ රන් පදක්කම තමන් සතු කරගත් අතර, කිලෝග්‍රෑම් 264ක බරක් එසවූ ඉන්දීය ක්‍රීඩකයාට රිදී පදක්කම හිමිවිය.

ශ්‍රී ලංකාවට සහයවීමට ඇමෙරිකාව සැරසෙයි
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ හෝටලයකට රු. මිලියනයක දඩයක්
උපාලි ධර්මදාසගේ අවසන් කටයුතු පිළිබඳව දැනුම්දීමක්
දෙවිනුවර ඇසළ පෙරහැරේ කාවඩි නර්තන අංගය ඉවත් කිරීමට නිර්දේශයක්
“ලබන වසරේ දේපළ බද්ද පනවන්න” – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළිවෙයි
ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ජාත්‍යන්තර සම්මාන උළෙලකදී හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලබයි
සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝවේ සිටි උප පොලිස් පරීක්ෂකගේ වැඩතහනම් කරයි
බමන මතින් සිටි OIC තරුණියන් දෙදෙනෙක් හප්පා පලා යද්දී මාට්ටු වෙයි
ආනයනය කළ වාහන 1025ක් වරායේ හිරවෙලා
එල්නිනෝ ගැන මෙතෙක් නොඇසූ ආරංචියක්