හින්දු බැතිමතුන්ගේ දීපාවලී උත්සවය ලබන 20 දාට යෙදී ඇති බැවින් 21 වෙනිදා නැගෙනහිර පළාතේ සියලුම හින්දු පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව පළාත් ආධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.ආර්. හසන්ති පැවසුවා.
පාසල්වල සේවය කරන හින්දු බැතිමතුන්ගේ බහුතරයකගේ ඉල්ලීම සලකා ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකරගේ අනුමැතිය මත මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ලබන 21 වැනිදා ලබාදෙන පාසල් නිවාඩුව වෙනුවට පහසු ඉදිරි දිනකදි පාසල පවත්වා මෙම නිවාඩු දිනය හිලව් කළ යුතු බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය අදාල පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
මේ අතර දීපවාලී උත්සවය නිමිත්තෙන් ලබන අගහරුවාදා (21) දින ඌව පළාතේ සියලුම පළාත් සභා දමිල පාසල් වලට නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කල බව ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් ගුණරත්න පවසනවා.

කලමැටිය මුහුදේ අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගේම සිරුරු හමුවෙයි
පියයුරු පිළිකා මඩින්න රජයෙන් තීරණාත්මක පියවරක්
එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්
සතර නිර්මාතෘ දිවිසැරිය නිම කරයි
තරුෂි අභිෂේකාට තවත් පදක්කමක් හිමිවෙයි
රජයේ සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු ගැන නව චක්‍රලේඛයක්
ශ්‍රී පාද වන්දනා වාරය අවසන්
බස් ගාස්තු ඉහළ දමන ලෙස බස් සංගම් ඉල්ලයි
බස් සංගම්වල ඉල්ලීමට ජාතික ගමනාගමන කොමිසමෙන් ප්‍රතිචාර
අද කාලගුණ නිවේදනය
ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්
අද අහසේ නිල් සඳක්