ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක්‍රියාත්මක කළ හැකි ස්ථිර විසඳුමක් සඳහා රටවල් දෙකම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිතරව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා‘ඉන්දු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා’යන මාතෘකාව යටතේ ANI පුවත් ඒජන්සිය සමග පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.
එහිදී ඔහු පවසා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) පවතින බවත්, ඒවට යටත්ව ජාත්‍යන්තර නීති සහ රෙගුලාසි අනුව ගරු කරමින් දෙපාර්ශවයම එකමුතුව අදාළ නීති සකස් කරගත යුතු බවත්ය.
එමෙන්ම නීති විරෝධී ලෙස මසුන් ඇල්ලීම වැළැක්වීම සඳහා අදාළ නීතිමය නියමයන්ට අනුකූලව එම ගැටලු විසඳාගැනීමට දෙරටම සහතික වීම වැදගත් බවද ඔහු පවසා තිබේ.
ධීවරයින්ගේ ජීවනෝපායික ගැටලු තිබෙන බව පිළිගන්නා නමුත්, ආදායම් උත්පාදන ක්‍රියාවලිය නීතියානුකූල විය යුතු බවට රජයන් දෙකම සහතික විය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැහැදිලි කර ඇත.
“ස්ථිර නීති රාමුවක් නොමැතිව ක්‍රියාත්මක වීමට වඩා, දෙපාර්ශ්වයම කල් පවතින විසඳුමක් සඳහා එකට වැඩ කළ යුතුයි” යනුවෙන් ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.
එමෙන්ම කච්චතිව් දූපත අසල ශ්‍රී ලංකා මුහුදු සීමාවට තමිල්නාඩු ධීවරයින් ඇතුළු වීම සම්බන්ධයෙන් දෙරට අතර අඛණ්ඩ ගැටලු පවතින බවත්, බොහෝ විට අත්අඩංගුවට ගැනීම් සහ සමුද්‍රීය මායිම් සම්බන්ධයෙන් ආරවුල් ඇති කරන බවත් ඔහු පවසා ඇත.
මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරයේ දී කතාබහට ලක් වූ කරුණු ද මෙම සාකච්ඡාවේ දී ANI පුවත් ඒජන්සිය විසින් උපුටා දක්වා තිබුණි.
ඔවුන් සඳහන්කර තිබුණේ, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අගමැති නරේන්ද්‍ර මෝදි අතර සිදු වූ හමුවේ දී මෙම ගැටලුව ‘සංවේදී ගැටලුවක්’ ලෙස පවසා තිබූ බවය.
ඒ අනුව මේ සඳහා ප්‍රායෝගික විසඳුමක් සොයා ගැනීම සඳහා දීර්ඝ ලෙස දෙරට අතර සාකච්ඡා සිදුකරන බව පවසා තිබේ.
මෙම ධීවර ගැටලුව ඉන්දු-ශ්‍රී ලංකා සබඳතාවල දැඩි මතභේදාත්මක අංගයක් ලෙස පවතී.
පෝක් සමුද්‍ර සන්ධියේ තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව වෙන් කරන පටු ජල තීරුව දෙරටේම ධීවරයින් සඳහා පොහොසත් ධීවර භූමියක් ලෙස සැලකේ.

මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්
ඉන්ධන මිල අඩුවන දිනය
චරිත් අබේසිංහගේ සියලු තනතුරු අත්හිටුවයි
2026 උසස් පෙළ විභාගයේ කාලසටහන සංශෝධනය කරයි
විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් කතානායකට ලිපියක්
චරිත් අබේසිංහව ‘බහුජන බලය’ සංවිධානයෙන් නෙරපයි