ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එසේම මෙවර අයවැයෙන් අඩු ආදායම් ලබන්නන් වෙනුවෙන්ද සහන පැකේජයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
තවද බදු ගෙවීම් අඛණ්ඩවම පැහැර හැර සිටින අය බදු දැලට කොටු කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සහ ශ්‍රී ලංකා රේගුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ ලබන වසරේ ආදායම් ඉලක්ක ඉහළ දමා ගැනීමට අවශ්‍ය යෝජනාද මෙවර අයවැයට ඇතුළත් කෙරෙන බව දැනගන්නට ඇත.
වාහන සඳහා දැනට පනවා ඇති බදු සංශෝධනය නොකර ඉදිරි වර්ෂය සඳහාද ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑමට රජය අපේක්ෂා කරයි.
පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වෙන හෙයින් එම මැතිවරණය ඉලක්ක කර ජනතාවට තවත් විශේෂ සහන රැසක්ද මෙවර අය වැය ලේඛනයට ඇතුළත් කෙරෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්