නව දියවඩන නිළමේ නිලංග දෑල මහතා ගේ පත්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් පනිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඔහු සිය ශුභාසිංසන පිරිනමා ඇත්තේ මේ ආකාරයෙන්.
“දෙස් විදෙස් ජනී ජනයාගේ අපමණ ගරු බුහුමන් සහ වැඳුම් පිදුම් ලබමින්, කන්ද උඩරට මනරම් මහ මාළිගයෙහි රනින් නිමකළ කරඬු තුළ, රන් නෙළුමක් මධ්‍යයෙහි, රන් මුදුවක විරාජමානව වැඩ සිටින, අප විසින් ජීවමාන බුදු පියාණන් සමව හිස් මුදුන් තබා මහත් ගෞරවයෙන් පුද සත්කාර කරනු ලබන, ගෞතම සම්මා සම්බුදු පියාණන්ගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන අති පූජනීය අපේ දළදා හාමුදුරුවන් ප්‍රාණ සමව ආරක්ෂා කර ගැනීමේ උතුම් මෙහෙවර ඉටු කිරීම උදෙසා අඛණ්ඩව තෙවන වරටත් උතුම් දළදා හාමුදුරුවන්ගේ ගිහි භාරකාරත්වයට තේරී පත් වූ, දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාට සුභාශිංසන පිරිනමමි.
බෞද්ධ අපගේ මුදුන්මල්කඩ වන දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන්, මල්වතු අස්ගිරි උභය පාර්ශ්වීය මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ මග පෙන්වීමෙන්, පුද සිරිත් ආරක්ෂා කර ගනිමින් දළදා මාළිගාවේ කාර්යයන් තව දුරටත් මැනවින් ඉටු කරීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි.
පුරාණ සිරිතට අනුව රජ දවස සිට පැවත එන, අප කුඩා කළ සිට දුටු හෙළ සංස්කෘතික මහ මංගල්‍ය වන, පරිවාර ඇතුන් පිරිවරාගත් මඟුලැතු මතින් සධාතුක පෙරහැර කරඬුව වැඩමවීමේ පෙරහැර චාරිත්‍රය හිරු සඳු පවතින තුරා සෙංකඩගල මහ වාසලින් නික්ම, සඳගලට පා තබා, ස්වේත පාවඩ මතින්, නුවර වීදි සරන රමණීය දර්ශනය අප ඉදිරි පරම්පරාවන්ට ද දකින්නට ලැබේවායි ප්‍රාර්ථනා කරමි. එම සංස්කෘතිය රැකගන්නා ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ඔබ සැමට අපේ උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව පතමි.”

සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්